🇰🇷 FREEDOM🇰🇵
EP1
ප්යොංයැන්ග් නගරය
උතුරැ කොරියාවඉදිරිපස කුළුණු අටකින් සමන්විත වුනු සුවිසල් ගොඩනැගිල්ලක්.ගුරැ පැහැ වුනු එ් ගොඩනැගිල්ල මුදුනෙ හරි මැදින් රඳවලා තිබුනෙ රතු පාට තරැවක් එක්ක නිල් ,රතු ,සුදු පාටින් වර්ණ ගන්වපු තරමක් විශාල කොඩියක්.කොඩිය දෙපසින් රතු පාටින් සායම් කරපු අකුරැ දෙපේලියක් !
"조선민주주의 🇰🇵 인민공화국만세! "
( කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන ජනරජය
🇰🇵
ජනතා ජනරජයට දීර්ඝායුෂ ලැබේවා ! )ඔයා උතුරැ කොරියානු පුරවැසියෙක් නම් ..බාලාංශ දරුවෙක් පවා දන්නා නාමය පාක් චොන් සන්ග්! හිටපු උතුරැ කොරියානු නායකතුමා ! ශ්‍රේෂ්ඨ කොරියානු ප්රජාතාන්ත්රවාදී මහජන ජනරජයේ පියා ! වර්තමාන නායක පාක් චොන් නාම් ගෙ පියා ! එතුමාගේ අනුස්මරණය වෙනුවෙන් ගොඩනැගුනු චතුරස්‍රය ! "පාක් චොන් සන්ග් චතුරස්‍රය ! " එ් තමයි මේ සුවිසල් ගොඩනැගිල්ලෙ කතා සාරාංශය .
තරාතිරම මොකක් වුනත් කමක් නෑ ! රටේ මොන ලොකු ලොක්කා වුනත් අදාල නෑ ! ඔයා යන්නෙ මේ කියන "පාක් චොන් සන්ග් චතුරස්‍ර පරිශ්‍රය හරහා නම් ......අනිවාර්යයෙන් කල යුතු දෙයක් තමයි හිස නවලා මේ චතුරස්‍රය දිහාට නැමිලා තමන්ගෙ ගෞරවය පල කරන එක ! එහෙම නොකලොත් ......!!!! උතුරැ කොරියානු පුරවැසියෙක් වෙන තාක් කල් ඔයාට මේක නම් අමතක නොවේවි ! මොකද ....මේ දේ අමතක කලොත් ඔයාගෙ වගේම ඔයාගෙ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට ඊළඟ දවසෙ ඉර එළිය නම් දකින්න බැරිවේවි ! හේතුව ..............
ප්රශ්නය මොකක් වුනත් ඔයා මේ චතුරස්රයට අාචාර කිරීම අමතක කරනවා නම් ඔයා කරන්නෙ නිසැකවම මිය ගිය පාක් චොන් සන්ග් මැතිතුමාට හිතාමතා අගෞරව කරන එක ! ඔයාගෙ මතය මොකක් වුනත් හැම මොහොතකම ඔයා ගැන වගේම අනෙක් අය ගැනත් අැහැ ගහගෙන ඉන්න අාරක්ෂක අංශ නිළධාරීන් හිතන්නෙ එහෙමයි.ඉතිං එ් තමයි ඔයාගෙ අවසානෙ.! භයානක අවසානෙ !!එතකොට .........දකුණු කොරියාව ? ඔයා ඉන්නෙ උතුරැ කොරියානු දේශ සීමාව අැතුලෙ නං මේක තමයි අංක එකේ තහනම් වචනය !
YOU ARE READING
🇰🇵FREEDOM 🇰🇷
FanfictionFREEDOM 🏳 හැඳින්වීම ~ නිදහස කිව්වහම......එ්ක එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නෙ එකිනෙකට විවිධාකාර වශයෙන් හිරවුනු මිනිසුන් පිරිසකගේ කතාවක්. මේ කතාව ගෙතෙන්නෙ උතුරැ සහ දකුණු කොරියාව වටා. ස්වභාවයෙන්ම උතුරැ ක...