EPISODE 13

176 42 31
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 13

     
     ජිමින් එක්ක අැති වුනු ප්‍රශ්නෙන් පස්සෙ මින්ජි හිටියෙ කිසිම කතා බහක් නැතිව පැත්තකට වෙලා.එ් වගේම ස්කූල් වෙලාවෙන් පස්සෙ පරක්කු නොවී ගෙදර එන්නත් කෙල්ල අමතක කලේ නෑ.

      කිසිම හිතුවක්කාර දෙයක් නොකර කෙල්ල මේ විදිහට ඉන්න පටන් ගත්තු එක ගැන ජිමින් හිත යටින් සතුටු වුනා වගේම චූටි දුකකුත් අැති කලා.මොකද මින්ජී දකුණු කොරියානු සංස්කෘතියට පෙළඹුනේ ජිමින් දිහා බලලා.එ්ත් අන්සුගෙ ප්‍රශ්නෙත් එක්ක කොල්ලට ඔ්නෙ වුනේ දකුණු කොරියාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න.එ්ත් මින්ජී නිතරම අාස කළ චරිතයක් වුනු ජ්යොන් ජොංකුක් ජිමින්ගෙ හිතේ තරහ වැඩි කලා විතරයි.

"මිඅන්හේ .මිඅන්හේ පැටියො.මං ඔයාට නපුරැ වුනා වැඩියි නේද ?"

    කෑම වෙලාවෙදි කිසිම කතා බහක් නැතිව පිඟානෙන් අැස් අහකට නොගෙන ම හිටපු මින්ජී දිහා බලාගෙන ජිමින් හිතුවෙ අවංකවම හිත වේදනාත්මක හැඟීමකින් පිරෙද්දි.
.
.
.
.
.
.
.
.
     "එ්යි ! ඔහොම නවතින්න මිස් මින්ජී .අපිට ඔයාගෙ බෑග් එක පරික්ෂා කරන්න ඔ්නෙ ! මේ දැන්ම !!"

    "මොකක් ?"

  පුරැදු විදිහටම කෙල්ල ස්කූල් අැරිලා එද්දි ගේට් එක ළඟ හිටගෙන හිටපු මැදි වයසෙ අාරක්ෂක නිළධාරියා කිව්වෙ කෙල්ල දිහා තියුණු විදිහට බලන ගමන්.එ්ත් මින්ජී නම් සෙකන්ඩ් වෙන පාටක් නෑ වගේ.

"අයින් වෙනවා ! "

"මේක ජිමින් සර්ගෙ අණ ! කිසි කෙනෙකුට පිටින් යන්න බෑ."

"හහ් ! මේක තාමත් ඉවර නැද්ද අා ? අහනවා ...මේකෙ අැති දෙයක් නෑ තමුසෙට පරික්ෂා කරන්න ! "

"කමක් නෑ.අපි පරික්ෂා කරලා බලමු .සමහරවිට...ඔය කියන නැති දේ අැති වෙන්නත් පුළුවන්නෙ ."

     අාරක්ෂක නිළධාරියගෙන් ගැලවීමක් නැති තැන කෙල්ල කේන්තියෙන් මිනිහගෙ අැඟේ වැදෙන්නම ස්කූල් බෑග් එක වීසි කලා.

"ඉතිං බලනවා ! "

   මින්ජී කේන්තියෙන් හිතේ තිබුනු කේන්තිය ඉරියව් වලින් පෙන්නද්දි අාරක්ෂක නිළධාරියා කට කොනකින් හිනා වෙලා බෑග් එක පරික්ෂා කරන්න ගත්තා.එ් සම්පූර්ණ කාලය අැතුලෙම මින්ජී හිටියෙ අත් දෙකත් හරහට බැඳගෙන අහක බලාගෙන.එ්ත් ටික වෙලාවකින් අාරක්ෂක නිළධාරියා බෑග් එක අැතුලෙන් ගත්ත දේ නිසා මින්ජීත් පුදුම වුනා.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now