EPISODE 6

213 38 2
                                    

                      🇰🇷 FREEDOM 🇰🇵

Ep 6

       කම්මුල් අගින් බේරෙන්න ගත්ත උණු කඳුලු බින්දුවකුත් එක්ක හෙමින් අැස් අැරලා බලපු අන්සු අැඳ වතට හේත්තු වුනේ ඉන්නෙ කොහෙද කියලා අදහසක් නැතුව.එ් වෙද්දිත් අැඟට දැනෙන්න ගත්තු පණ නැති ගතියත් එක්ක කෙල්ල අැස් අැරන් හිටියෙත් අමාරුවෙන්.

"ම...මං කොහෙද ? "

"අපායෙ !"

    ළඟින් අැහෙන්න ගත්ත එ් ගැඹුරැ හඬින් කෙල්ල ගැස්සිලා ගියා.එ් වෙද්දිත් කෙල්ල හිටියෙ හොස්පිටල් එකක වගේම ළඟින් අැහෙන්න ගත්ත ගැඹුරු කටහඬේ අයිතිකාරයා ජිමින්.!

"ඉතින් කියනවා ! කවුද උෟ ?"

        ජිමින්ගෙ කේන්තියෙන් දිලිසෙන අැස් කෙල්ලව තවත් බය කලා.එ් වෙද්දි කොල්ලා අන්සුගෙ තත්වෙ ගැන හැම දෙයක්ම දැනගෙනයි හිටියෙ.

"පුංචි මහත්තයා මං........"

"මං අහන්නෙ තමුසෙ මොකා එක්ක නටලද මේ වගේ දෙයක් කරගත්තෙ කියලා? "

     අන්සුගෙන් උත්තරයක් නැති තැන ජිමින්ගෙ කේන්තිය තවත් වැඩි වුනා.ඉක්මනටම හොස්පිටල් එකෙන් ඩිස්චාජ් එක ගත්ත ජිමින් කෙල්ලවත් අැදන් කා එකට අාවා.කිසිම කතාබහක් නැතිව කා එක ස්ටාට් කරගත්ත කොල්ලා නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට ගිහින් කා එක නැවැත්තුවා.

"දැන් කියනවා ! කොහොමද මෙහෙ අාවෙ ? කාගෙ උවමනාවටද ?ඔය කඳුලුවලින් මාව රවට්ටන්න බෑ ! මට හැම දේකටම උත්තර ඔ්නෙ ! "

    ජිමින් වේගවත් හඬින් කියාගෙන කියාගෙන ගියා.එ් එක්කම කෙල්ල කා එකේ දොරත් අැරන් එළියට දිව්වෙ එක අතකින් බඩත් අල්ලගෙන.

"කොහෙද දුවන්නෙ තමුසෙ !!"

  කෑ ගහන් එළියට අාපු ජිමින් ,අන්සුව දැකලා මොහොතකට නැවතුනා.කෙල්ල හොඳටම වොම්ට් කරනවා.අවසානයේදි අැඟට දැනෙන්න ගත්තු කෙඩෙත්තු ගතියත් එක්ක එහෙමම බිමට පාත් වුන කෙල්ල දණහිස් අතරෙ මූණ හන්ගන් අඬන්න ගත්තෙ ජිමින්ගෙ කේන්තියෙන් පිරැණු හිත තරමකට නිවන ගමන්.

" ම්.මේක බීලා ඉන්න."

      ජිමින් අන්සුට ලං කලේ ලෙමන් වීදුරැවක්.හොඳටම බඩගිනි තිබුනත් කටට දැනෙන්න ගත්ත අප්පිරියාව නිසා මුකුත් කන්න බොන්න බැරිව හිටපු කෙල්ල දෙපාරක් නොහිත ලෙමන් වීදුරුව අරන් බීගෙන බීගෙන ගියා.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now