EPISODE 25

163 35 3
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 25

උතුරැ කොරියාව
ප්යැන්ග්යොන්ග්

         ජිමින් මොනවා කිව්වත් මින්ජීට නං කොල්ලව තේරැම් ගන්නවත් විශ්වාස කරන්නවත් පුළුවන් වුනේ නෑ.ඩියුටි ෆ්‍රී වෙලාවල්වල කොල්ලගෙ කාලෙ වැඩිපුරම ගත වෙන්න වුනේ විස්කි බෝතල් එක්ක.සමහර වෙලාවට සේරාත් ජිමින් එක්ක එකතු වෙලා හිටියෙ මින්ජීගෙ හිතේ කේන්තිය දුක වේදනාව තව තවත් වැඩි කරවන ගමන්.

"අැත්තටම හිතේ අාදරයක් තියෙන කෙනෙක් නං....එයාට ඔය විදිහට නාස්ති වෙන්න දෙයිද ? මායාකාරි !"

කෙල්ල ඔහොම හිතුවෙ බාර් සෙක්ෂන් එකේ වැහුන දොර දිහා බලන් .අනිත් පැත්තට කෙල්ල ගැස්සිලා ගියෙ උරහිසට දැනෙන්න ගත්තු නොපුරැදු ස්පර්ෂයකින්.

    පිටිපස්ස හැරිලා බලපු මින්ජී දැක්කෙ කඩවසම් පිරිමි ළමයෙක්.

"අන්යොං .මගේ නම ජේ හ්වන්.මම සේරා මැතිවුස්ගෙ මල්ලි ."

   පිරිමි ළමයා හිනාවෙන ගමන් තමන්ව හඳුන්වා දුන්නෙ දකුණු අත ඉස්සරහට දික් කරන ගමන් වුනත් මින්ජී ඔලුව නවලා අාචාර කලා.කෙල්ල හැදුවෙ අනිත් පැත්තට හැරිලා යන්න වුනත් පිරිමි ළමයට තවත් දේ කතා කරන්න ඔ්න වුන බව පෙනුනා.

"අා.....නෑදෑයො වෙන්න ඉන්න එකේ ...අපි ටිකක් අඳුරගත්තොත් මොකද ? ඔයාට වෙලාව තියෙනවනං අපි ටිකක් එළියට ගිහිල්ලා...."

"මිඅන්හම්නිදා.මට එ්කට වෙලාවක් නෑ."

    අාචාරශීලි විදිහට කියපු කෙල්ල ඉක්මනටම උඩ තට්ටුවට දිව්වා.

   කෙල්ල උඩට ගියා විතරයි එ් කඩවසම් මූණ වෙනස් වුනේ හරිම ඉක්මනට.

"හහ් ! කිව්වත් වගේම මේකි හරි අමාරැකාරියක් වගේ."

   අන්තිමේදි එ් කෙනාගෙ මූණෙ අැඳිලා තිබුනෙ එවිල් හිනාවක්.

    නොකිව්වට මොකද උඩ තට්ටුවෙ ඉඳන් කොල්ලගෙ හැසිරීම දිහා බලන් උන්නු මින්ජීගෙ මූණෙ අැති වුනේ බයක්.මොකද එ් කඩවසම් මූණ අස්සෙ හැංගිලා තිබුන කපටි හැඟීම් කෙල්ලට නොතේරැනා නෙවෙයි.ජිමින්ට වඩා අවුරැදු කිහිපයක ලාබාල බවක් තිබුන එ් කෙනාත් මේ ගෙදරට යන්නෙ එන්නෙ මොකක්මහරි යටි අරමුණක් අැති ව බව නම් කෙල්ලට හොඳටම පැහැදිලි වෙලයි තිබුනෙ.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now