EPISODE 26

178 35 4
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 26

දකුණු කොරියාව
සෝල්

"ඔ...ඔම්මා , චේබල් ....මගෙ ඔලුව අතගාන්නකෝ . මට ගොඩක් අමාරැයි.කොහෙවත් යන්නෙ නැතුව මං ළඟින් ඉන්න හරිද ?"

     ජොංකුක්ගෙ වේදනාත්මක වගේම දුර්වල කටහඬට ප්‍රතිචාර විදිහට මිසිස් ජ්යොන් හෙමින් සැරේ එ් සිනිඳු කෙස් අතරින් අැඟිලි තුඩු යවලා ඔලුව පිරිමදින්න ගත්තා.උනුසුම් තුවා වලින් මූණ අතපය හේදෙව්වා.කැමති වර්ගයෙ කෑම බීම ජාති හදලා කැව්වා.කොල්ලා තමන්ගෙ කකුල් උඩ ඔලුව තියන් හරි සනීපෙට නිදා ගද්දි මුළු රෑ පුරාම එ් අැඟිලි තුඩු කොල්ලගෙ ඔලුව පිරිමැදලා පහසුව සලසන්න කැප වුනා.

    ඔය සේරමගෙන්ම ගොඩක් කාලෙකට මගහැරිලා තිබුන මිසිස් ජ්යොන්ගෙ අාදරේ කොල්ලට ලැබුනා.එ්ත්......දවස් ගානක් ගත වෙද්දිත් ජොංකුක් නොදැන හිටපු දෙයක් තිබුනා.එ් ....මිසිස් ජ්යොන්ගෙ අාදරේ වෙනසක් නොකර එහෙමම දුන්න අැත්තම කෙනා ගැන.

ඉතින් වෙන කවුද ? හොං අන්සු මිසක් !

ඔව් ! අැත්තෙන්ම කෙල්ල ජීවිතේටම නැති තරම් වෙහෙසුනා.රැයක් දවාලක් නැතිව ...හරියට නින්දක් නැතිව ....කෑමක් බීමක්වත් කන්න ඉස්පාසුවක් නොවී ජොංකුක් වෙනුවෙන්  වෙහෙසුනා.දවස් ගානක් ගත වෙද්දි කෙල්ල හිටියෙ හොඳටම අමාරැවෙන් .එ්ත් ජොංකුක් වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කෙල්ල කලා.

එ් කොල්ලා අසනීප වෙලා ගෙවෙන්න වුන පස් වෙනි දවස.මොකක්දෝ හේතුවකට එදා නැගිටිද්දි කෙල්ලගෙ අැඟට ලොකු සනීපයක් දැනෙන්න ගත්තා.හරියට සුවපහසු දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ . ඉතින් කෙල්ල එ් හීනෙන් අැහැරෙන්න අකමැති හිතින් ටික වෙලාවක් අැස් පියන් එහෙමම හිටියා.එ්ත් දුහුල්  ජනෙල් තිරවලින් පෙරිලා අාපු ඉර එළිය අැස්වලට වදිද්දි කෙල්ලට අැහැරෙන්නෙ නැතිව ඉන්න බැරි වුනා.

     
"ඔහ් ! "

    අැස් අැරිය ගමන් කලබල වුනු කෙල්ල එහෙමම ඉඳලා වටපිට බැලුවා.එ් වෙද්දිත් කෙල්ල හිටියෙ ජොංකුක්ගෙ අැඳේ.සුවපහසු පොරෝනාවලට මැදිවෙලා උනුසුමට . එ්ත් ...එ්ත් ජොංකුක් නං පේන මානෙක හිටියෙ නෑ.ඉක්මනට අැඳෙන් නැගිටපු කෙල්ල මුළු ගේ පුරා කලබලෙන් කොල්ලව හෙව්වා.එ්ත් කිසිම සලකුණක් තිබුනෙ නෑ.ඊළඟට කෙල්ලට ඔ්නෙ වුනේ පාර පැත්තෙ ටිකක් ගිහින් බලන්න.එ්ත් දෙයියනේ ......දොරේ පාස්වර්ඩ් එක වෙනස් කරලා !!

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now