EPISODE 17

156 39 46
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 17

ප්යොන්ග්යැන්ග්
උතුරැ කොරියාව

         ටේ හීව පැට්‍රික්ගෙන් බේර ගන්න ගත්තු දැඩි තීරණෙත් එක්ක පවුලෙන් අයින් කරලා තිබුනු කිම් ටේ හ්යොං එ් වෙද්දි හිටියෙ අාච්චි අම්මා වුනු ම්යොන්ග් හී ගෙ ගෙදර.

    එ්ක වැඩි සැප සම්පත් නැති ගොඩක් සරල තැනක් වුනත් ටේ හ්යොංට මුල ඉඳන්ම අහිමි වෙලා තිබුන ඔම්මගෙයි අප්පගෙයි අාදරේ උතුරලා යන තරම් එ් අාච්චි අම්මා ළඟ තිබුනා.ලෝකෙටම පේන්න ගොඩක් තද ගති තියෙන කෙනෙක් වුනත් ටේ හ්යොං අාච්චි අම්මා ළඟ හැසිරැනේ පුංචි බබෙක් ගානට.ඉහල තනතුරැ තානාන්තර කවදත් ගනන් නොගත් මේ අාච්චි අම්මා ටේ හ්යොංට අාදරේ කලේ දරැවෙක් කියලා හිතලා විතරමයි.

     එ්ත්..........හිටි හැටියෙම ටේ හ්යොංට පැවරැනු රහස් මෙහෙයුම ගැන අධිකරණ කාර්යාලයෙන් දැනුවත් කරද්දි දෙමව්පියො වෙච්ච හැමදේම අමතක කරලා ටේ හ්යොංව පිළිගත්තෙ කොල්ලගෙ නිල අැඳුමට අලුතෙන්ම එකතු වෙන්න යන තරැව ගැන හිතලා.

   වෙලාවකට ටේ හ්යොංට තමන්ගෙ දෙමව්පියො ගැන පුදුමත් හිතුනා.මොකද කාලයක් තිස්සෙ උතුරැ කොරියානු හමුදාවෙ ඉහල තනතුරැ දරපු ටේ හ්යොගෙ පවුලෙ අය තමන්ගෙ දරැවො වුන ටේ හ්යොං ,ටේ හී සැලකුවෙ පවුලෙ ගෞරවය ඉහළට අරන් යන්න පාවිච්චි කරන්න පුළුවන් ඉත්තො විදිහට විතරයි.

  රහස් මෙහෙයුමට පිටත් වෙන්න සති දෙකක කාලයක් විතරක් තියෙද්දි ගෙදර අය මැරේජ්  ප්‍රොපෝසල් එකක් ලෑස්ති කරන් තිබුනෙ කිම් ටේ හ්යොංට දන්වන්නෙවත් නැතිව.

"එ්ත් ....."

"ඔයා ගොඩක් බිසී ලයිෆ් එකක් ගත කරන කෙනෙක්නෙ අදල්.ඉතින් අපි කරදර කලේ නෑ.බලන්න එයා කොච්චර ලස්සන ගෑනු ළමයෙක්ද කියලා.අැමෙරිකාවල තමයි පොඩි කාලෙ ඉඳන් ඉගෙනගෙන තියෙන්නෙ.එ් වුනාට බලන්නකො ... තාමත් එ් තැන්පත් ගතිය නම් නැති වෙලා නෑ.ඔයා ගොඩක් වාසනාවන්තයි අදල්."

   ඔමොනිගෙ පැහැදිලි කිරීම් එක්ක ටේ හ්යොං මුකුත් නොකියා නිහඬ වුනා.අැත්තෙන්ම එ් ගෑනු ළමයා ටේ හ්යොං හැමදාමත් ප්‍රාර්ථනා කරපු විදිහෙ තැන්පත් වගේම අාචාරශීලි උගත් බුද්ධිමත් ගෑනු ළමයෙක් වුනා.කොල්ලව හම්බවුනු මුල්ම වතාවෙදි ගොඩක් අාචාරශීලී විදිහට හැසිරැනු එ් ගෑනු ළමයා හරි කෙලින් මූණ දිහාවත් බැලුවෙ නැති තරම්.
.
.
.
.
.
      දේවල් එ් විදිහට වෙද්දි කොල්ලා අාච්චි අම්මා හොයන් ගියෙ හිත සැහැල්ලු කරගන්න හිතාගෙන.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now