LAST EPISODE

297 48 41
                                    

🇰🇵 FREEDOM🇰🇷 

LAST EPISODE

"අායිශ් ! මොන මගුලක්ද?"

   කේන්තිය පිරැණ අැස් එක්ක ජිමින් එ්ම් කරන් හිටපු ගන් එක අායෙ පහල දැම්මෙ අන්සු තවමත් හරියට එකවිදිහකට හිටපු නැති නිසා.

     අන්සුව හරි කෙලින් දෙපැත්තෙන් අල්ල ගන්න ඔෆිසර්ලා දෙන්නෙක් ඉක්මනටම ඉදිරිපත් වුනත් ජිමින්ගෙ අදහස වුනේ වෙනත් දෙයක්.

"අත්වල බැමි ලිහලා රිලැක්ස් එකේ තියනවා !"

    ඔෆිසර්ලා ජිමින්ට ඔලුව නවලා කියපු විදිහට කලා.

"යා ! දැන් තමුන්ගෙ අත් රිලැක්ස් නිසා කෙලින් ඉන්නවා !! අරස්සෝ ?? මට ඔ්නෙ නෑ මේ කොහෙවත් යන එකියක් නිසා මගෙ ඉලක්කෙ වරද්ද ගන්න."

    ජිමින් එකපාර කරපු දේ පාක් චොන් නාම්ගෙ හිතේ කුතුහලයක් අැති වුනත් කොල්ලාගෙ අන්තිම වචන එ් හිතේ සතුටක් අැති කලා.

         බැමි නිදහස් වුන නිසාදෝ තරමක පහසුවක් දැනුන අන්සු අමාරැවෙන් ඔලුව උස්සලා බැලුවෙ ටේ හ්යොංගෙ මූණ.මොකද කොල්ලා හිටියෙත් දරාගන්න බැරි තරම් වදවේදනා මැද්දෙ කියන එක අන්සුට කොහොමටවත්ම රහසක් වුනේ නෑ.

එ්ත් ....

එ් අමාරැ සේරම පැත්තක තියලා ටේ හ්යොංගෙ අැස් කලබලයෙන් ජිමින් දිහාම එක එල්ලයෙ රැඳිලා තියන බව දකිද්දි කුතුහලයත් එක්කම අන්සුගෙ අැසුත් ජිමින්ගෙ අැස්වල රැඳුනෙ හරි අමාරැවෙන්.

  අව්ව සැර වැඩි වුන නිසා හරියට ඉස්සරහ බලන එක කෙල්ලට අමාරැ වුනත් අන්සුට ඔ්නෙ වුනා ටේ හ්යොං එච්චර කලබලකාරී අැස්වලින් බලන් ඉන්නෙ අැයි කියලා දැනගන්න.

  
.

.
.

.
.
.

"හිතේ තියෙන හැඟීම් සේරම හංඟගෙන පිරිමියෙක්ට පුළුවන් තමන් අාදරේ කරන කෙල්ලගෙ අත ඔ්නෙ වෙලාවක අතාරින්න.හේතුව එ් පිරිමියා කෙල්ලට අැත්තටම අාදරේ කරන නිසා .

          එ්ත් ඔයා දන්නවද මගෙ අහිංසකාවි ..

එහෙම පිරිමියෙක්ට බෑ කවදාවත් තමන් අාදරේ කරපු එ් කෙල්ලව හිතින් අතාරින්න.ජීවිතේ තියන තුරාවට ..... "

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now