EPISODE 2

491 49 5
                                    

🇰🇷 FREEDOM🇰🇵

EP2

අවුරැදු ගානකින් හුළං පොදක් නොහැමුව ,ඉර එළියක් නොවැටුන තෙත් බිමක් සහිත අඳුරැ කොරිඩෝවක්.! මේ කොරිඩෝවට යන්තමින් හරි එළියක් වැටුනානම් එ් කොරිඩෝව පටන් ගැන්මෙ බිත්තිය ඉහළ කෙළවරේ නිවි නිවී දැල්වෙන්න වුන විදුලි එළිය නිසා.

සවි ශක්තියෙන් උපරිම යකඩ දොරවල් ගණනාවක් පහු කරගෙන මේ කොරිඩෝව දිගේ , ඉක්මන් වගේම බර අඩි තියමින් අැවිදන් එන්න වුනේ කාකි අැඳුම් අැඳගත්තු මිනිස්සු තුන්දෙනෙක්.!

කතා බහකින් තොරවම වේගවත් අඩි තියමින් අැවිදන් ගියපු මේ මිනිස්සු දෙතුන්දෙනා නැවතුනේ යකඩ කූරැ දොරකින් අගුලු දාපු හිර කූඩුවක් ළඟ.

තමන්ට ලැබුනු විධානයට අනුව මුර සෙබලෙක් යකඩ දම්වැල් දාපු දොර අරිද්දි පිදුරැ අතුරපු කූඩුවෙ හිටපු මිනිස්සු තුන්හතර දෙනෙක් අඳුරැ මුල්ලෙ එකටම ගුලි වුනේ බයෙන් ගැහෙන ගමන්.

එ්ත් මේ කියන අයට තවත් එකට ගුලි වෙලා නං ඉන්න ලැබුනෙ නෑ.කාකි අැඳුම් අැඳගත්ත මිනිස්සු මේ අයව ඉක්මනටම වෙන් කලා.

"අ...අනේ මහත්තයො....අනේ මගෙ කෙල්ලට කරදරයක් කරන්න එපා.අපිව නං මැරැවත් කමක් නෑ.අනේ........"

කූඩුවෙ හිටපු මැදිවියේ මනුස්සයෙක් ලේ වලින් වැහුනු අත් දෙක එකට එකතු කරන් අසරණව අයදිද්දි කාකි අැඳුම් අැඳගත්තු තුන්දෙනා එකිනෙකා දිහා බලන් කටකොනින් හිනාවුනා.

"කටවහපන් !💥"

ඔලුවට වැදුන තද බැටන් පොලු පාරින් අසරණ මනුස්සයා සිහිසුන්ව බිම අැදන් වැටෙද්දී බයෙන් ගැහෙමින් වුනත් ඉස්සරහට අාවෙ රෝස පාට යුනිෆෝම් එකක් අැඳගත්තු අවුරැදු විසිතුනක විතර ගෑනු ළමයෙක්.ඔව් ! මේ එයා තමයි ! දකුණු කොරියාවෙන් අාපු ජ්යොන් ජන්කුක් වෙනුවෙන් පත් කරලා තිබුන සේවිකාව !!

" අනේ සර් , ප්ලීස් මගෙ පවුලෙ අය අතාරින්න.එ් අය ...අහිංසකයි.මුකුත්ම දන්නෑ.මගෙ ඔප්පා ඉන්නෙ ලෙඩින් .දවස් ගානකින් හරියට කාලා නෑ.එයා ගොඩක් දුර්වලයි.ප්ලීස් මගෙ ඔමොනි අබොජි ඔප්පා නිදහස් කරන්න."

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now