EPISODE 19

173 45 42
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 19

           එ්ක නමක් ගමක් නොදන්න මල් පඳුරැ මැදින් වැටුනු පුංචි පාරක්.පේන තෙක් මානෙ කොල පාටින් හැඩවෙලා තිබුනු පරිසරය ; නිල් පාට අහසෙ තැනින් තැන හෙමීට පාවෙන පුළුන් කැට වගෙ වළාකුළු ; සැරෙන් සැරේ එහෙ මෙහෙ පියාඹගෙන යන කුරැල්ලො වගේම ...එ්ගොල්ලන්ගෙ තොරතෝංචියක් නැති කිචි බිචි සද්ද ......මේ හැමදේම එක්ක දුකින් බරවෙලා කතා බහක් නැතුව හිටපු පුංචි සෝවුගෙ හිතට සතුටක් ගෙනාවා.

"ඔම්මා ...."

   කොල්ලා හරි අාදරෙන් කතා කරද්දි අන්සුගෙ මූණෙත් හිනාවක් අැඳුනා .

"අැයි මගෙ මැණික ?"

"මාව ...බිමින් තියන්න."

"ම්."

   බිමින් තිබ්බත් හරි කොල්ලා එ් ගුරැ පාර දිගේ දුවන් යන්න වුනේ හරි අාසාවෙන් වගේම සතුටෙන්.මොකද පාර දෙපැත්තෙ මල්වල වහපු සමනල්ලු ..එ් වගේම බත්කූරො කොල්ලගෙ දාංගලෙත් එක්ක එකපාර අැවිස්සිලා එහෙ මෙහෙ පියාඹන්න ගද්දි එ් පුංචි හිතට දැනෙන්න ගත්තෙ පුදුමාකාර හැඟීම් ගොන්නක්.

"වාහ් ! හරි සස්සන සමනැල්ලො ටික ! සෝක් සෝක් .මේ ඔවාගෙ තටු කැඩෙයි හරිද ? හෙමින් පියාඹනෝකො."

   කොල්ලා ටිකක් තරවටු හඬින් කිව්වෙ බත්කූරන්ට .

    මතක කාලෙ ඉඳන්ම සෝල් වල නාගරික වටපිටාවෙ හිර වෙලා හිටපු සෝවු ට මේ වගේ නිස්කලංක පරිසරයක අත්දැකීම ගොඩක් විස්මය අැති කරවන අාගන්තුක දෙයක් වුනා.එ් වෙද්දිත් කොල්ලා දැනං හිටියෙ අන්සුත් එක්ක ගොඩක් දුර ගමනක් අැවිත් කියන එක විතරයි.එ්ත් අැත්තටම එ් වෙද්දි දෙන්නා හිටියෙ උතුරැ කොරියාවෙ .!
.
.
.
.
.
     ප්යැන්ග්යොන්ග් අගනුවර එයාපෝට් එකෙන් exit වුන තැන ඉඳන් මේ වෙනකං කෙල්ල හිතුවෙ ඉස්සරහට කරන්න ඔ්නෙ මොනවද කියන එක.හරි තීරණයක් ගන්න තවමත් හිත සූදානම් නැති වුනත් ගෙවුනු කාලෙ සිද්ද වුනු දේවල් එක්ක කෙල්ලගෙ හිතට දැනෙන්න ගත්තෙ සැනසීමක්.

"ඔප්පගෙ විරැද්ධත්වයක් නෑ .ඔයාට පුළුවන් සෝවු අරන් යන්න."

"කම්සාහම්නිදා ."

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now