EPISODE 9

232 38 8
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 9

" ඔය room එකේ ඉන්න නෝනා ! වහාම එළියට එනවා !!"

     ටේ හ්යොං අමාරැවෙන් කේන්තිය පාලනය කරගන්න උත්සහ කරන ගමන් බොහොම සන්සුන් හඬින් කිව්වත් ටේ හීගෙ කාමරෙන් සද්දයක් නෑ.

"තමුන් වැදගත් විදිහට එළියට එනවද නැත්තං ........"

   කොල්ලට ඉතුරැ ටික කියන්න ඉඩ නොතබාම දොර අැරන් එළියට අාවෙ ටේ හී.කෙල්ලගෙ මූණ මවාගත්ත කේන්තියකින් පිරිලා.එ් කේන්තිය අස්සෙ හැංගිලා තිබුන වේදනාව ටේ හ්යොංගෙ හිත කියාගන්න බැරි තරමෙ වෙෙරයකින් පිරෙව්වා.

"අැයි මොකද ? අහ් ! ඔයා මනුස්සයෙක්ගෙ ගෙදරට කඩන් පනින්න පාවිච්චි කරන අලුත්ම විදිහ ද මේ ? "

      එ්ත් ටේ හ්යොංගෙ අවධානෙ යොමු වෙලා තිබුනෙ කාමරේ හිටපු වෙන කෙනෙක් දිහාවට.එ් එක්කම කරකියාගන්න දෙයක් නැතුව තරහින් පුපුරන ගමන් හිටපු ටේ හීගෙ හස්බන්ඩ් දිහා බලපු කොල්ලා කාමරේට අැතුල් වෙලා අැඳ උඩ අඩනිරැවතින් හිටපු කෙල්ලව අැදන් එළියට අාවා.

" අායිශ් ! බබා මේ කවුද මේ ?"

        කෙල්ල ටේ ගෙන් ගැලවිලා දුවන් ගිහින් ටේ හීගෙ හස්බන්ඩ්ගෙ අැඟේ එල්ලුනා.

"උඹේ සෙල්ලම් අදින් ඉවරයි ! "

"මස්සිනා මේ ....මං කියන දේත් ටිකක් අහන්නකො.මේ ගෑනි මේ...."

             එ්ත්   ටේ හීගෙ හස්බන්ඩ් කරන පැහැදිලි කිරීම් අහන්න තරම් මානසිකත්වයක් ටේ හ්යොංට නං තිබුනෙ නෑ.ඊළඟ මොහොතෙදි අැඟේ එල්ලිලා හිටපු අඩනිරැවත් කෙල්ල පැත්තකට තල්ලු කරලා දැම්ම කොල්ලා ටේ හීගෙ හස්බන්ඩ්ට බිම පෙරලන් ගහන්න ගත්තෙ තමන්ගෙ තියන මුළු ශරීර ශක්තියම එකතු කරගෙන.අවුරැදු ගානක් දැඩි හමුදා පුහුණුවක් ලබලා තිබුනු ටේ හ්යොං එක්ක ටේ හීගෙ හස්බන්ඩ්ට හැරෙන්නවත් බැරි වෙද්දි බයටම වෙව්ලන්න ගත්ත අඩනිරැවත් කෙල්ල අඳුරේම ගෙයින් එළියට පැනලා දිව්වා.

"තෝ කොහොමද බල්ලො මගෙ නංගිට මෙහෙම කරන්නෙ අා ? හිතුවද මං නිකං උඩ බලන් හිටියි කියලා අා ? තෝව මම අද හම ගහනවා බල්ලා ! තෝ හෙටම ටේ හීට ඩිවෝස් එක දෙන්න ඔ්නෙ !! "

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now