EPISODE 4

236 48 12
                                    

🇰🇷 FREEDOM🇰🇵

EP4

ප්යොන්ග්යැන්ග් ,
උතුරැ කොරියාව

"මේ කොරියානු ප්‍රජාතාන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුවේ ඔබේ උත්තරීතර නායකතුමන් විසින් කෙරෙන නිවේදනයයි !"

පාක් චොන්ග් සන්ග් චතුරස්‍රය ඉස්සරහට රැස්වෙලා හිටපු මිනිස්සු හැමදෙනෙක්ම එ් එක හඬින් ඉඳිකට්ටක් බිමට වැටුනත් අැහෙන තරමට නිහඬ වුනා.චතුරස්‍රය දෙපැත්තෙ හයි කරලා තිබුනු ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඊළඟට අැහෙන්න ගත්තෙ ජනාධිපති පාක් චොන් නාම්ගෙ බැරෑරැම් හඬ !

" ඔබගේ උත්තරීතර නායකතුමන් වන මාගේ අණට කීකරැ වෙමින් රැස් වී සිටින ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා.මේ විශේෂ දැනුම්දීම පසුගිය දිනෙක වාර්තා වූ රාත්‍රි සමාජ ශාලා සිදුවීම සම්බන්ධවයි .................................................................................................... සියලු කරැණු සැලකිල්ලට ගනිමින් මේ උත්තරීතර දේශයේ සුරක්ෂිත භාවය තහවුරැ කිරීම උදෙසා හය වන මස දහනවවන දින පෙ.ව 8:45 ට සිද්දියට සම්බන්ධ 24 දෙනා මෙම ස්ථානයේදී වෙඩි තබා මරා දැමීමට නියෝග කරමි."

නිවේදනය එ් විදිහට අවසන් වෙද්දි කොහෙන්දෝ කඩන් පැනපු අාමි officer ලා සීරැවෙන් පෝලිමක් හැදිලා දඬුවම් දෙන පීඪිකාවයි මිනිස්සුයි අතර බාධකයක් හැදුවා.තත්පර ගානක් ගතවෙද්දි අතපය බැඳපු සිරකරැවො පස්දෙනා ගානෙ පෝලිමට දණ ගස්සපු officer ලා අඩි කිහිපයක් ඉදිරියෙන් පෝලිමට හිටගත්තෙ ඉදිරිපෙළ බයෙන් ගැහෙමින් හිටපු සිරකරැවො ඉලක්ක කරගෙන.

"අනේ අපොයි ! මේ හැමෝම තරැණ ළමයි !

"මොන අපරාධයක්ද මේ ? මේවා බලන්නෙ කොහොමද ?"

"කට වහනවා ! තමුන්ලටත් වෙඩි කන්න ඔ්නෙද ?"

මිනිස්සු අතරින් අැහෙන්න ගත්ත ඔය වගෙ කසුකුසු මේජර් කිම් ටේ හ්යොංගෙ හිතේ කේන්තියක් අැති කළත් කොල්ලා එ් බවක් නොපෙන්වා ළඟින් හිටපු පාක් ජිමින් දිහා බැලුවා.

"සර් , දැන් වෙලාව ළං වේගෙනයි එන්නෙ."

ටේ අත් ඔරලෝසුව පරික්ෂා කරන ගමන් මතක් කරද්දි ජිමින් හැඟීමක් නැති මූණෙන් ඉස්සරහට ගියා .ලොකු හුස්මක් ගත්ත ජිමින් ගොරෝසු හඬින් අවසන් සංඥාව නිකුත් කලා.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now