EPISODE 28

198 44 18
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 28

දකුණු කොරියාව
සෝල්

  එදත් සුපුරැදු විදිහටම martial art class පටන් ගන්න සූදානමින් හිටියත් කිම් ටේ හ්යොං ට පුදුම වෙන්න හේතුවක් වුනේ ඉදිරි පෙලේ හිටපු ගෝලයො හතරදෙනාම එ් වෙද්දිත් නියමිත අැඳුම් අැඳලා සූදානමින් හිටියෙ නැති නිසා.

"ඔය හතරදෙනා මොකද ඔහොම ?"

   ටේ හ්යොං කුතුහලෙන් අහද්දි එක්කෙනෙක් ඉස්සරහට අැවිත් සාක්කුවෙන් ගත්තු යමක් අරන් කිම් ටේ හ්යොංට පෙන්නුවා.

"උතුරැ කොරියානු හමුදාවෙ ප්‍රධාන අණ දෙන නිළධාරී කිම් ටේ හ්යොං ! දකුණු කොරියානු අාරක්ෂක පද්ධතියට රහසිගතව අැතුළු වීමට උත්සහ දැරීමේ වරදට ....අපි ඔහේව අත්අඩංගුවට ගන්නවා."

       ඔව් ! එ් හිටියෙ එච්චර කාලයක් තමන් අන්දගෙන හිටියා කියලා හිතපු ගෝලයො හතරදෙනා.!! එ්ත් අැත්තටම අැන්දිලා තිබුනෙ කිම් ටේ හ්යොං විතරක් වෙද්දි හතරදෙනා ම එ් වික්ෂිප්ත වුන මූණ දිහා බලන් කට කොනකින් හිනා වුනා.

"ඔහොම තමයි මිස්ටර් ! ගුරැන්ටත් අකුරැ වරදිනවා කියනවනෙ . කොච්චර දන්නවා කියලා හිතන් හිටියත් ...ජීවිතේ මිනිස්සු කාටත් වරදින වෙලාවල් එනවා."

    එක ඔෆිසර් කෙනෙක් මාංචු දාන ගමන් ඉද්දි තවත් ඔෆිසර් කෙනෙක් බැරෑරැම් විදිහට අැහි බැමකුත් උස්සලා කියද්දි කොල්ලා අහක බලා ගත්තෙ කේන්තියෙන්.එ්ත් කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.එ් වෙද්දි කොල්ලා හිටියෙ බෙල්ල මුලටම හිර වෙලා .

"ඔහේගෙ ඔය හැන්ඩ්සම් ලුක් එකයි ඩීප් වොයිස් එකයි මේ ටැලන්ට්ස් හැමදේම එක්ක ....මෙහෙට අැවිත් රඟපාන්නවත් ගියා නං හොඳ තැනක් හදාගන්න තිබුනා ! "

   තවත් ඔෆිසර් කෙනෙක් සමච්චලේට වගේ කියන ගමන් මාංචු දාපු කිම් ටේ හ්යොං විශේෂ අාරක්ෂාව යටතේ පොලිස් කාර් එකට තල්ලු කලා.

           

                🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷


   "  දකුණු කොරියානු නීතිය කාටත් පොදුයි . ඉතින් ඔබතුමා අපිට නිවැරදි තොරතුරැ දීලා මේ විමර්ශනයට සහය දක්වයි කියලා හිතනවා."

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now