EPISODE 3

261 47 4
                                    

🇰🇷 FREEDOM🇰🇵

EP3

" මිස් ජ්යොන් සුජින් , ප්ලීස් එන්න අපි මෙතනින් පිට වෙන්න ඔ්නෙ."

හිත අැතුලෙන් පුපුරන්න තරම් කේන්තියෙන් හිටියත් ටේ හ්යොංගෙ කටහඬ හරිම සන්සුන්.එ්ත් සුජින්...........

"මො...මොකක්දේ කිව්වේහ් ..........?? "

සුජින් අැහුවෙ ටේ හ්යොංගෙ කනට කරලා සද්දෙන්.එ් එක්කම කෙල්ල හයියෙන් හිනා වුනේ කොල්ලගෙ බෙල්ලත් බදන්.

"අනා....මගෙ ටේ පැටියා.තරහ ගිහින්ද අාහ් ? උම්මා.💋"

කෙල්ල නැවතුනේ ටේ හ්යොංගෙ කම්මුලට කිස් එකකුත් දීලා.

එ් වෙද්දිත් ඉවසීමේ සීමාවෙ උපරීමේටම ගිහින් හිටපු ටේ කෙල්ල දිහා බැලුවෙ පුදුම තරම් කේන්තියෙන්.

" වේ ??? මාත් එක්ක ඩාන්ස් එකක් දාමු ද ම්? I wanna dance the........🎵"

සුජින් හුරතල් විදිහට කිව්වෙ සින්දුවෙ කෑල්ලකුත් කියන ගමන් ටේගෙ අතේ එල්ලිලා . එ් එක්කම රතු කට්ට පනින්න ඔන්න මෙන්න හිටපු ටේ හ්යොං මොහොතකට අැස් දෙක පියාගත්තෙ හිතට අාපු අාවේගය එහෙමම පාලනය කරගන්න උත්සහ කරන ගමන්.ගත වුනේ තත්පර ගානයි.කොල්ලා විරෝධය පිටම සුජින්වත් අැදන් නයිට් ක්ලබ් එකෙන් එළියට අාවෙ officer ලට අැස්වලින් සංඥා කරන ගමන්.

සුජින්ව කාර් එකට දාපු ටේ හ්යොං officer. කෙනෙක්ගෙ කනට ලං කරලා කිව්වෙ මේ වගෙ දෙයක්.

"සර් ?"

"එකෙක්වත් මගහැරෙන්න බෑ.හෙට එළිවෙද්දි ඔක්කොම කූඩුවට දාලා තියන්න ඔ්නෙ....පවුල්වල එවුන් එක්කම."

"යේ "

ටේ හ්යොංගෙ සන්සුන් හඬේ ගැබ් වෙලා තිබුනු තියුනු බව තේරැම් ගත්ත officer අනිත් අයටත් සංඥා කරන ගමන් නයිට් ක්ලබ් එක වටලද්දි අනිත් පැත්තට කාර් එක වේගයෙන් අැදෙන්න ගත්තෙ අාපාට්මන්ට් එක දිහාවට.

විනාඩි ගානක ගමනකින් පස්සෙ කාර් එක ගමනාන්තයට ළං වෙද්දි සුජින්, ටේ හ්යොංගෙ උරහිසට බර වෙලා හොඳට නිදි.කෙල්ල ළඟින් එන්න වුන අැල්කොහොල් ගඳට මූණ අකුල ගත්ත ටේ හ්යොංගෙ අැස්වලට ඊළඟට අහුවුනේ කෙල්ල අැඳන් හිටපු අැදුම.!

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now