EPISODE 8

233 45 21
                                    

🇰🇷 FREEDOM 🇰🇵

Ep 8

    දින කිහිපයකට පෙර ........⏳

      පුරැදු විදිහටම එදත් හරිම බිසී දවසක්.අහස උසට වැඩ රාජකාරි ගොඩක් ගොඩගැහිලා තිබුනත් එ් සේරම පොඩි වෙලාවකට නවත්තපු ජංකුක් කාර් එකේ කී එකත් අරන් ඔෆිස් එකෙන් එළියට බැස්සෙ නොයාම බැරි ගමනක් යන්න.

"අායිශ් ! මොකද මේ මල වදේ phone අාන්ස්වර් කරන්නෙ නැත්තෙ ?! ජ්යොන් සුජින් ! තමුසෙ නං කුණුගොඩක් !!"

        කොල්ලා කේන්තියෙන් තනියම කියවන්න ගත්තෙ කාර් එකේ යන ගමන්.

    ජංකුක් ,සුජින්ට කෝල් ගන්න ට්‍රයි කරන්නෙ දවස් ගානක ඉඳන්.අය්යයි නංගියි අතර වුනු පුංචි අාරවුලක ප්‍රතිඵලයක් විදිහට  සුජින් ,ජංකුක් එක්ක තරහවෙලා ඔමොනිගෙ ගෙදර අැවිත් දැනට සති ගානකුත් ගතවෙලා.

   "වචනයක් වැරදෙන්න බෑ !! කොයිවෙලෙත් අකුලන් යන්න නං දක්ෂයි එයා !!"

    ජංකුක් අායෙම තරහෙන් කියෙව්වා.කොහොමින් හරි කේන්තියෙන් පුපුරනගමන් හිටපු කොල්ලා ඔන්න අන්තිමේදි අදාල තැනට අැවිත් .

   Door bell එක ගහනවද නැත්තං අාපහු හැරිලා යනවද කියලා හිතපු ජංකුක් අන්තිමේදි බෙල් එක ගහලා පැත්තකට වුනේ නොරිස්සුම් සහගත හැඟීම් ගොන්නකුත් මූණට එකතු වෙද්දි.

  "ඔහ් ! අදල් .........!"

       බලාපොරොත්තු නොවුනු මොහොතක දැකපු ජංකුක් නිසා මිසිස් ජ්යොන්ගෙ හිත සතුටින් ඉපිලෙන්න ගත්තා.එ්ත් ජංකුක් නං හිටියෙ එ් ගැන කිසි සැලකිල්ලක් නැති ගානට .

  "මට සුජින්ට කතා කරන්න ඔ්නෙ."

  "නංගි පොඩි ගමනක් යනවා කියලා ගියානෙ අදල්.එනකොට හවස් වෙයි මං හිතන්නෙ."

   "එහෙමද ? එයා අාවහම කියන්න එයා බාරගත්තු වැඩ ගැන මට වදවෙන්න තියන්න එපා කියලා.වැඩක් බාර ගත්තා නං ......හරියට කරන්න කියන්න.නැත්තං ....එහෙම එ්වා බාර නොගෙන ඉන්න කියන්න."

   එකදිගට කියවන් ගිය ජංකුක් හැදුවෙ අාපහු හැරිලා යන්න වුනත් මිසිස් ජ්යොන් කොල්ලගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now