EPISODE 16

172 43 33
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 16

ප්යැන්ග්යොන්ග්
උතුරැ කොරියාව

       "ඉතින් කොහොමද ටෙටේ ? මට ඔයා නැතුව පාළුයි.කියන්න දේවල් ගොඩක් තිබුනත් එ් දේවල් මෙහෙම කියන්න අමාරැයි.අසනීප වෙන්නෙ නැතුව පරිස්සමින් ඉන්න.සරංහේ.

                - සුජින් -   "


     සුජින් එවපු  ලියුම කියවපු ටේ හ්යොංට කිසි  සතුටක් දැනුනෙ නෑ .එ් වෙනකොටත් රහස් මෙහෙයුම වෙනුවෙන් සියලුම රාජකාරිවලින් නිදහස් කරලා හිටපු ටේ හ්යොං ලෑස්ති කරගත්ත සේරමත් එක්ක අාපහු ගෙදර යන ගමනුයි හිටියෙ.

        මීට කලින් ඔ්නෑතරම් රහස් මෙහෙයුම් අති සාර්ථක විදිහට අවසන් කරපු ටේ හ්යොංගෙ හිත මේ දවසෙ නම් හරිම නොසන්සුන් .කොල්ලා සුජින් නිසා හිතේ අැති වෙලා තිබුනු හැඟීම් එක්ක හිර වෙලා.

       නගරබදින් ටිකක් එපිටට වෙන්න වුනු නිස්කලංක පරිසරයක අෑත පේන තෙක් මානෙ පුරාවට පැතිරිලා තිබුනු කඳු පන්ති දිහා ඔහේ බලන් උන්නු ටේ හ්යොංට අවසානයේ තීරණයක් ගන්න පුළුවන් වුනා.

"එ්ක අමතක කරන්න බැරි තරමෙ සම්බන්ධයක් නෙවෙයි.අනික දකුණ එක්ක එ් වගේ සම්බන්ධයක් පටන් ගන්න තරම් මම බොළඳ මිනිහෙක් වෙන්න ඔ්නද ? "

      තමන්ට සාධාරණ විදිහට සේරම මනසෙ පෙළගස්වගත්ත ටේ හ්යොං අතේ ගුලි කරගත්තු ලියුම පුංචි දිය පාරකට විසි කරලා දැම්මෙ අායෙමත් පරණ පුරැදු හැසිරීමට එන ගමන්.

"හිතේ අැති වෙන මෝඩ හැඟීම් එක්ක මේක කරන්න බෑ.හැමදාමත් අංක එක වුනේ මගේ රට.ඉතින් ඉස්සරහට කියලා කිසි වෙනසක් වෙන්න ඔ්නෙ නෑ.මම ....කිම් ටේ හ්යොං ,උතුරැ කොරියානු මහජන ජනරජයෙ වැදගත් තනතුරක් දරන වගකීම් සහිත මනුස්සයෙක්.ඉතිං මම මොන දේ කලත් ...එ් මගේ රට වෙනුවෙන් විතරමයි."

   තමන්වම මෝටිවේට් කරගන්න ගමන් කිම් ටේ හ්යොං නිහඬවම හිතින් දුන්න ප්‍රතිඥාව කොල්ලගෙ හිතේ දුර්වල හැඟීම් එකින් එක අෑත් කරවන්න පටන් ගත්තා.දකුණු කොරියාවෙ ජ්යොන් සුජින් - තමන්ට අාදරය කරන තමන් ගැන වදවෙන කෙනෙක් කියලා හිතන්න තවදුරටත් කිම් ටේ හ්යොංට ඔ්නෙ වුනේ නැති ගානයි.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now