EPISODE 12

174 47 29
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 12

       ගතවුනු දවස් ගානකට පස්සෙ උතුරැ කොරියානු සන්නද්ධ හමුදාවෙ නව වෙනස්කම් කිහිපයකුත් එක්ක ජිමින් වැඩ පටන් අරන් තිබුනෙ ගොඩක් වගකීමෙන් . හමුදාවට සම්බන්ධ වෙලා වැඩි කාලයක් නැතත් කොල්ලට නම් ටේ හ්යොංගෙ සම මට්ටමට එන්න ගියෙ බොහොම ටික කාලයයි.නායක පාක් චොන් නාම්ටත් වඩා රටේ පවතින යුධ ශක්තිය ගැන සහ ඉස්සරහට කරන්න ඔ්නෙ දේවල් ගැන ජිමින් ගාව තිබුනු සැලසුම් උසස් නායකයින් පවා පුදුමයට පත් කලා.

එ්ත්......

කොල්ලගෙ මේ වෙනසට අකමැති කෙනෙකුත් හිටියා.එ් මින්ජි .

අකමැත්තටත් වඩා කෙල්ලගෙ හිතේ ජිමින් ගැන තිබුනෙ බයක්.අාදරේ අැතුලෙ හැංගිච්ච බයක්.

   කෙටි වෙන්න කපපු කොණ්ඩෙත් එක්ක කොල්ලව මිල්ටරි යුනිෆෝම් එකෙන් දකිද්දි  වෙනදා තිබුන අාදරණීය බව සම්පූර්ණයෙන්ම අතුරැදන් වුනු ගානට දරදඬු බවකුත් එකතු වෙලා තිබුනා.

"අද ඉඳන් දකුණු කොරියාවෙන් ගෙනාපු කිසි දෙයක් පාවිච්චි කරන්න බෑ.ඔක්කොම කාඩ් බෝඩ් පෙට්ටිවල දාලා කාමරෙන් එළියෙ තියන්න ඔ්නෙ.එකක්වත් හංගලා අහුවෙන්න එපා.එහෙම වුනොත් මට ගෑනු ළමයෙක් කියලා නොබලා අාමි එක පාවිච්චි කරලා සර්ච් කරන්න වෙනවා."

    මූණෙ කිසිම හිනාවක් නැති එ් මූණ  කෙල්ලට තාම මතකයි.උතුරැ කොරියාව හැරැනුකොට මුළු ලෝකෙම දේට අාස කල ජිමින් දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙලා.කොල්ලගෙ හැසිරීම මින්ජීට මතක් කලේ චීෆ් කමාන්ඩර් කිම් ටේ හ්යොංව.

    ජිමින් මොනවා කිව්වත් teen age එකේ හිටපු මින්ජී උතුරැ කොරියාවෙන් පිට දේට ගොඩක් අාස කලා.සමහරක් දාට ස්කූල් ඉවර වෙනවත් එක්කම කෙල්ල යාළුවොත් එක්ක පොලේ අැවිදින්න ගත්තෙ එක්තරා තැනක දකුණු කොරියාවෙන් රහසේ අානයනය කරපු cosmetic වර්ග තිබුනු නිසා.
.
.

"ඔහොම නවතිනවා ! මොකද ඔය ?"

     නිදහසේ ඩොකියුමන්ට්ස් වගයක් චෙක් කරකර හිටපු සාලෙට වෙලා හිටපු ජිමින් මින්ජි ස්කූල් අැරිලා එනවත් එක්කම නවතත්ගත්තා .

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now