EPISODE 5

182 42 5
                                    

🇰🇷 FREEDOM🇰🇵

EP5

දකුණු කොරියාව
සෝල් නගරය

           කාලෙකට පස්සෙ උතුර -දකුණ එකතු වෙන ලකුණු අායෙම පහළ වෙලා ! උතුර ,දකුණට ප්‍රතිචාර දක්වන ගමන් නියෝජිත කණ්ඩායමක් දකුණට එවලා.! මුළු ලෝකයක්ම කතා වෙන්න ගත්තෙ මේ ගැන . එ්ත්....තිරය ඉස්සරහ ලෝකය ගැන හැමෝම කතා කලාට තිරය පිටිපස්සෙ අඳුරැ ලෝකය කාගෙවත් අවධානයට ලක් වුනේ නෑ.
.
.
.
.
.
.
එ්  වෙද්දිත් ජන්කුක් හිටියෙ ළඟදිම තියන්න යන වාර්ෂික ප්‍රදර්ශනය වෙනුවෙන් කාර්්‍යබහුල වෙලා .

      අැත්තටම "GREEN WORLD "එකේ CEO වුනාට cleaning service එකේ ඉඳන් CEO දක්වා සියලුම අංශවල අත්දැකීම්වලින් ජන්කුක් පරිපූර්ණ වුනා.එ්ක දේශික ශාක සම්බන්ධ රසායනික පරික්ෂණවලට පවා සම්බන්ධ වෙන්න තරම් සුපිරි මොලයක් තිබුන ජන්කුක් මේ කියන වෙලාවෙ නං හිටියෙ ගොම පොහොර ගොඩක තුනට කැඩිලා දඟලන ගැඩවිල්ලෙක් ගැන ලතවෙන ගමන්.

     "අය්යෝ !!!!! මං හිතලා කලේ නෑ දෙයියනේ !!!! "

      " මේ වගේ වැඩ කරද්දි ....ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්නෙ .එ් ගැන ඔය තරම් වදවෙන්න ඔ්නෙ කියලා මං හිතන්නෑ."

      පොහොර නිෂ්පාදන අංශයෙ ප්‍රධානී යටහත් පහත් විදිහට කියද්දි ජන්කුක් තොප්පියත් ගලවලා ලේන්සුවෙන් නළල පුරා විහිදුනු දාඩිය බිංඳු පිහිදාන්න වුනේ මූණත් නරක් කරගෙන.

"සර් දැන් ගියොත් හොඳයි නේද ? පැය ගානක් මෙතන මහන්සි වුනානෙ."

"හ්ම් ."

             Office එකට ගියපු කොල්ලා බූට්ස් එහෙමත් ගලවලා දාලා අැඳුම් මාරැ කරලා ලෑස්ති වුනේ blue house එකට යන්න හිතාගෙන.කලින් ජ්යොන් ජනාධිපතිතුමා කියපු කිසිම දෙයක් කනකට නොවැටුනත් එකම එක දෙයක් ගැන ජන්කුක්ගෙ හිත වදවුනා.

".........මං තමුන්ට හොඳ bride කෙනෙක් බලලයි තියෙන්නෙ .........."

    මේ තමයි ජන්කුක් මේ ලෝකෙ අහන්න අකමැති ම වචන ! කොල්ලා green world එකෙන් පිටවුනේ හිතට අැතුලු වුනු කරදරකාරී හැඟීමත් එක්ක.

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now