EPISODE 15

193 45 40
                                    

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 15

       කිසිම වගකීමක් නැති ගානට හිටියත් එ් වෙද්දිත් ජොංකුක් ,සෝවු වෙනුවෙන් ලෑස්ති වෙලා හිටපු විදිහ දැකලා සුජින්ට අැත්තටම පුදුම වෙන්න හේතු හැදුවා.

"වාහ් ! දිව්‍ය ලෝකෙ වගේ ...."

    සුජින්ගෙ කටින් එහෙම පිටවුනේ සෝවු වෙනුවෙන් විශේෂයෙන් ලෑස්ති කරලා තිබුනු බේබි එයාර් එක දකිද්දි.

     ඔ්ෆ් වයිට් තීම් එකට සරසලා  තිබුන එ් බේබි එයාර් එක පැය ගානක් අැතුලත හරි හදිස්සියෙන් සූදානම් වුනා වුනත් ජොංකුක් පුළුවන් උපරිමයෙන් මහන්සිවෙලා තිබුනු බව පෙනුනා. සේරටම වඩා පුදුම දේ වුනේ සෝවු එ් හැම දෙයක්ම අගේ කරපු එක.හැබැයි ඉතින් එ් හැම ස්තුතියක්ම හම්බ වුනේ සුජින්ටයි මිසිස් ජ්යොන්ටයි විතරයි.

        මිසිස් ජ්යොන් කොල්ලවත් අරන් වොෂ් දාන්න යද්දි සුජින් බේබි රෑම් එකේ හදලා තිබුන කියුට් කූඩාරමේ සනීපෙට වාඩි වෙලා ජොංකුක්ට කෝල් එකක් ගත්තා.

"වේ වේ ??"

"යා ! වේ වේ ගාන්නෙ ? ඔන්න අබොජි ඔයාගෙ ළමයා ගෙදර ගෙනාවා.දැන් ඉතිං වගකීම භාර ගන්නවා අැවිල්ලා ! "

   සුජින් මවාගත්ත කේන්තියෙන් කියද්දි එහා පැත්තෙන් අැහෙන්න ගත්තෙ හිනා හඬක්.

"මං වැඩ.අනික ඔය කොල්ලට මං ඔය පොඩි සහන කාලයක් දීලා තියෙන්නෙ .තමුසෙ බය නොවී ඉන්නවා ! 😏"

"යා! මොනවත් ගොං වැඩ  කරන්න නං හිතන්නවත් එපා.විශේෂයෙන් අර ....චූටි ළමයින්ව ගිලිනවයි ...සුප් හදලා බොනවයි වගෙ එ්වා.! එයා තාම ඔය විහිළු තේරැම් ගන්න පුළුවන් වයසක නෙවෙයි ඉන්නෙ කියලා තේරැම් ගන්නවා අරස්සෝ ! "

"අරස්සෝ !!!! "

"අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ....මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් පරිස්සමෙන් බලාගන්නවා .නැත්තං බෙල්ල ගලවලා අතට දෙනවා දැනගන්නවා !!"

   Call එක කට් කරපු සුජින් ලොකු හුස්මක් අරන් හෙමීට පහළ දැම්මා.

         🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

"මි...මින්ජී ??"

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now