Chapter 1

5.1K 593 72
                                    


"කුකී... පැටියෝ, පරිස්සමෙන් ඉන්න. මට ඔයා නැතුව පාලු දැනෙයි." ජන්ග්කුක්ගෙ එහෙම කිව්වෙ දුකින්.

"ආයිශ් මොකද්ද ඔම්මා.. මං දැන් බබෙක් නෙවෙයිනේ." ජන්ග්කුක් කිව්වෙ මූණ හකුලවගෙන.

"ඒ ඔයාටනෙ.. මට තාමත් ඔයා බබෙක්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපිට හැමදාම කතා කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් අපිට කියන්න හරිද..?" ජන්ග්කුක්ගෙ අම්මා දැඩි හඬකින් අවධාරණය කරා.

"හරි හරි ඔම්මා.." ජන්ග්කුක් තොල් පෙරලන ගමන් කිව්වා.

"ජන්ග්කුක්.. පරිස්සමෙන් ඉන්න. ජින් හ්‍යුන්ග් ඔයාව බලාගනීවි. අහ්, ඔයාගේ හ්‍යුන්ග් කිව්වා එයාට ෆ්‍රී වෙලාවක් ආවම ඔයාට කතා කරන්නම් කියලා." Mr. Jeon කිව්වෙ ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන්. ජන්ග්කුක්ගෙ හ්‍යුන්ග් ඇමෙරිකා වල ඉගෙන ගන්නවා. අද මේ තුන්දෙනා බුසාන් වල ඉඳන් සෝල් ආවෙ ජන්ග්කුක් සෝල් විශ්වවිද්‍යාලයට තේරුණු නිසා. පවුලෙ බාලයා උනු ජන්ග්කුක් දිග කාලෙකට ගෙදරින් පිට ඉන්න පළවෙනි පාර මේක උනු නිසා එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ජන්ග්කුක්ව කැම්පස් එකට ගිහින් දාලා එන්න එයා එක්ක ආවා.

"එතකොට පුතා, අලුතින් එන අයට හොස්ටල් හම්බෙනවද?" Mr. Jeon ඇහුවෙ එයාලව පිළිගන්න ආපු සීනියර්ගෙන්.

අලුතෙන් කැම්පස් එකට ආපු හැම ජූනියර් කෙනෙක්ටම main hall එක පෙන්නන්න සීනියර් කෙනෙක් ඉදිරිපත් උනා. ඒ අය අලුතින් ආපු ජූනියර්ස්ලා වගේම එයාලගෙ පවුලෙ අයවත් පිළිගත්තෙ හරිම ආදරයෙන්.

"ඔව් අංකල්, ඔයාලට බයවෙන්න දෙයක් නෑ. ඔයාගේ පුතා මේක ඇතුලෙ ආරක්ශිතයි." සීනියර් කිව්වෙ මඳ සිනහවක්ද සමඟින්. ඒක ඇහුවට පස්සෙ ජන්ග්කුක්ගෙ අම්මගෙයි තාත්තගෙයි හිත් වලට ලොකු සැනසීමක් දැනුනා. එයාලට සීනියර්ස්ලා එක්ක ලොකු සමීප බවක් දැනුනා. මොකද හැම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්ම අලුතින් ආපු එයාලගෙ බාල සහෝදර සහෝදරියන් එක්ක වගේම ඒ අයගෙ පවුල් වල අය එක්කත් හොඳම යාලුවෙක් තරම් සමීප විදිහට කතාබහ කරා.

උපකුලපතිවරයාගේ පිළිගැනීමේ කතාවෙන් පස්සෙ අලුතෙන් ආපු ශිෂ්‍යයන් අවශ්‍යය ලියකියවිලි වලට අත්සන් කරලා එයාලගෙ අලුත් නවාතැන උනු විශ්වවිද්‍යාලයට අයිති නේවාසිකාගාරය කරා ඇදුනේ ඔවුන්ගෙ දෙමාපියන්ගේ සිත් ශෝකයෙන් පිරෙද්දි.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now