Chapter 6

2.5K 502 53
                                    

"අද අපි මොකද්ද අලුත් උන් ටිකට දෙන බයිට් එක?" ජිමින් ඇහුවෙ කැන්ටින් එකට එනගමන්.

"ඊයේ කටපාඩම් කරන්න දුන්න වචන වල තේරුම් ටික අහන්න තියෙන්නෙ. ඒවා අපි කියපු විදිහටම තිබ්බෙ නැත්නම් කොල්ලො ටිකට කන්දෙක අල්ලන් කකුලෙ ඇඟිලි වලින් හිටගෙන ඉන්න කියන්න. කෙල්ලන්ට බනින්න." ටේහ්‍යුන්ග් කීවේ ගානක්වත් නැතුව.

"ඒ උනාට පව් බන්. සමහර කෙල්ලො දැක්කම දුකත් හිතෙනවා." ජිමින් කිව්වෙ පුරුදු විදිහටම ටේහ්‍යුන්ග්ගෙ උරහිසට පනින ගමන්.

"ආහ් ජිමිනාහ්.. තෝ බරයි යකෝ. අල ගෙඩිය වගේ ඉන්නවා මෙතන." ටේහ්‍යුන්ග් කිව්වෙ ජිමින්ගෙ කකුල් දෙකෙන් එයාව උස්සගන්න ගමන්.

"එතකොට තෝත් මගෙ කොන්දට පනින්නෙ. හිතන් ඉන්නෙ පුළුන් කියලද? තෝ මටත් වඩා බරයි." ජිමින් කිව්වෙ ටේහ්‍යුන්ග්ගෙ කනක් අදින ගමන්. ජැක්සන් යාලුවො දෙන්නගෙ වැඩ දිහා හිනාවෙවී බලන් හිටියා.

"උඹලා දෙන්න නම් වෙලාවකට බැඳපු ජෝඩුවක් වගේ."

"Eww... මම gay නෙවෙයි. හැබැයි මම ගේ උනා නම් අනිවා ජිමිනට කැමති වෙනවා. මං යාලු උන එක කෙල්ලෙක්ටවත් ජිමින් තරම් මාව තේරුම් ගන්න බැරි උනා." ටේහ්‍යුන්ග් කිව්වෙ මුලින් සරදම් හිනාවක් එක්ක උනත් අන්තිම හරියෙදි එයාගෙ කටහඬ සීරියස් උනා.

"ඒයි.. ඒයි උඹ මට හිතින් ලව්ද ඒ කියන්නෙ?"ජිමින් ඇහුවෙ ටේහ්‍යුන්ග්ගෙ මූඩ් එක වෙනස් කරන්න හිතන් මිසක් ඇත්තටම නෙවේ.

"තොට මං කියන්නෑ.." ටේහ්‍යුන්ග් එහෙම කියලා හිනාවෙවී හිටපු ජිමින්ව බිමට දැම්මා.

"තෝ නම් මගෙ යාලුවෙක් නෙවේ හතුරෙක්." ජිමින් බැන බැන පස්සත් පිහ දදා ඉස්සර වෙලා යන ටේහ්‍යුන්ග්නුයි ජැක්සනුයි ළඟට දුවන් ආවා.

මොන දේ උනත් ජිමින් ටේහ්‍යුන්ග් දෙන්නගෙ යාලුකම නැති උනේ නැත්තෙ ඒ දෙන්නා අතර තිබ්බ තේරුම්ගැනීම හින්දා. ටේහ්‍යුන්ග් ජීවත් උනේ සෝල් වල. එයාගෙ තාත්තා මුල් කාලෙ දුප්පත් ගොවියෙක්. ඒත් කාලයක් එක්ක එයාගෙ මහන්සිය නිසා එයාලා දියුණු උනේ ලොකු ස්ට්‍රෝබෙරි යායක අයිතිකාරයෙක් වෙලා. ඒත් එක්කම strawberry manufacturing company එකකුත් එයාලා පටන් ගත්තෙ ෆාම් එක තව දුරටත් ලොකු කරලා වෙන වෙන බෝග පවා වවන්න පටන් අරන්.
"ආහාර කියන්නෙ මිනිස් ජීවිතේ අත්‍යවශ්‍යම සාධකයක්. කවුරු මොන රස්සාව ලොකුයි කිව්වත් කන්නෙ නැතුව කාටවත් ඉන්න බෑ ඒකයි ඇත්ත." ටේහ්‍යුන්ග්ගෙ ආච්චි අම්මා හැමවෙලේම කිව්වෙ එහෙම. ටේහ්‍යුන්ග් එයාගෙ ආච්චි අම්මට හුඟක් ආදරේ කරා. එයා පොඩි කාලෙ හිටියෙ ආච්චි අම්මා ළඟ. ආච්චි අම්මා මීට අවුරුදු 4කට කලින් නැති උනේ ටේහ්‍යුන්ග්ගෙ ජීවිතේටත් ලොකු වෙනසක් කරලා. ඒ වගේම එයාගෙ තාත්තා එයාලා පොඩි කාලෙදි උනත් එයා කොච්චර දුප්පත් කෙනෙක් උනත් එයාගෙ දරුවොන්ට ඒ දුක දැනෙන්න දුන්නෙ නෑ. එයා ටේහ්‍යුන්ග්ව සෝල් වල ලොකු ඉස්කෝලෙකට දැම්මෙ එයාට හොඳට උගන්නන්න. ඒ වගේම ටේහ්‍යුන්ග්නුත් හොඳට ඉගෙන ගත්තෙ එයාලගෙ හීන හැබෑ කරමින්. ටේහ්‍යුන්ග් එයාගෙ දෙමව්පියන්ට ගොඩක් කීකරුයි. ඒ වගේම ටේහ්‍යුන්ග් අදටත් එයාගෙ තාත්තට බයයි මොකද එයාගෙ තාත්තා හොඳයි වගේම හරි සැරයි.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now