Chapter 19

2.6K 471 110
                                    

නිවාඩු සති දෙකේම ජන්ග්කුක් ගෙදරට වෙලාමයි හිටියෙ. එයාගෙ අම්මටයි තාත්තටයිත් මේ වෙනස හොඳටම තේරුණා. ඒත් එයාල මුකුත් අහන්න ගියෙ නෑ. තාත්තා නිදහස් වෙලාවට ජන්ග්කුක්ට කාර් එක පදින්න කියලා දුන්න... එයා එක්ක workout කරා. Mrs. Jeon ජන්ග්කුක්ට උයන්න කියලා දුන්නා. ජන්ග්කුක් අම්මා එක්ක එකතුවෙලා උයන වැඩේට ගොඩක් ආස කරා.

"ඔන්න අදත් පුතා ඉව්වෙ.." ජන්ග්කුක්ගෙ අම්මා තාත්තාට කෑම බෙදන ගමන් කිව්වා.

"ම්ම්.. හරිම රහයි. ඔම්මටත් වඩා පුතාගෙ කෑම රහයි වගේ." ජන්ග්කුක්ගෙ තාත්තා කෑම රහ බලල කියද්දි අම්මා බොරුවට රැව්වා.

"හරි හරි.. මගෙ නෝනගෙ කෑමත් රහයි. අනික ඉතින් අපේ කුකීගෙ ටීචර් ඔයානෙ." තාත්තා අම්මව රවට්ටන්න එහෙම කියද්දි ජන්ග්කුක් හිනාඋනා. අම්මගෙයි තාත්තාගෙයි මේ වගේ වැඩ නිසා ජන්ග්කුක් ඒ සති දෙකේදි ගොඩක් දුරට හිත හදාගත්තා. හැබැයි එයා හිටියටත් වඩා නිහඬ චරිතයක් උනා.

"හෙට අපේ කුකී ගියාම අපිට පාලු දැනෙයි."

"ඒකනම් ඇත්ත. කුකීගෙ කෑම ආයෙත් කන්න තව මාස ගානක් බලන් ඉන්න වෙනවා."

"මං වෙලාවක් ලැබුනොත් ඔය දෙන්නව බලන්න එන්නම් ඉක්මනටම."

"ඔයා එහෙ වැඩ ටික කරගන්නකො හොඳට. ඊටපස්සෙ ඉතින් ඔයාට අපි ළඟම හිටියැකිනෙ."

"අපේ කුකීව කසාද බන්ඳලා දෙන්නෙ නැද්ද එතකොට අපි?"

"එයාට ලස්සන ගෑනුලමයෙක් ගේන්න කියමු අපේ ගෙදරට. එතකොට හරිනේ... පාලුවට තව දුවෙක් ඉන්නවා."

"ආයිශ් ඔම්මා... මොනාද කියන්නෙ මේ?" ජන්ග්කුක් ඇහුවෙ තොල් උල් කරගෙන.

"හරි හරි ඒවා පස්සට දාමුකෝ. ඔයා ඔයාගෙ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්නකෝ."

පහුවදා උදේම තාත්තා ජන්ග්කුක්ව කැම්පස් එකට ගෙනත් දැම්මා. ජන්ග්කුක්ව දැකපු ගමන් යාලුවො සෙට් එක ජන්ග්කුක්ව වට කරගෙන විස්තර අහන්න ගත්තා. කොහොම උනත් ඒ වෙද්දි ජන්ග්කුක්ගෙ තත්ත්වෙ දැක්කම නම් හැමෝම සතුටු උනා.

ඒ පටන් ගත්තෙ ජන්ග්කුක්ලගෙ තුන්වෙනි අවුරුද්ද. ගිය සෙමෙස්ටර් එකේ exam එක අවුල් කරගත්තු නිසා ජන්ග්කුක් මේ පාර මුල ඉඳන්ම හොඳට වැඩ ටික කරගන්න හිතාගත්තා. එයා ගොඩක් වෙලාවට කාලෙ ගත කරේ library එකට වෙලා. Library එකේ තිබ්බ නිහඬ බවට ජන්ග්කුක් ගොඩක් ආස කලා. ඒත් ඒ නිහඬ බවම වෙලාවකට ජන්ග්කුක්ව අතීත මතකයන් වලට අරන් ගියා. ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග්ව මතක් උනේ නෑ කියනවනම් ඒක බොරුවක්. Gym එක දකිද්දි ground එක දකිද්දි ජන්ග්කුක්ට එයාලගෙ මතක මැවිලා පෙනුනා. ඒ නිසාම ජන්ග්කුක් ජිම් එකටයි ග්‍රවුන්ඩ් එකටයි යන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. ජන්ග්කුක් ඉල්ලුවා වගේම එදයින් පස්සෙ ටේහ්‍යුන්ග් කවදාවත් ජන්ග්කුක්ගෙ ඇස් ඉස්සරහට ආවෙ නෑ. එයා ටේහ්‍යුන්ග්ව නොදැක ඒ වෙද්දි මාස 3ක් විතර ගතවෙලා තිබ්බා. ජන්ග්කුක්ගේ හිතේ කොනක ටේහ්‍යුන්ග්ව දකින්න ආසාවක් තිබ්බත් එයා ඒ හැඟීම යට කරල දැම්මෙ තවත් හිත රිද්දගන්න උවමනාවක් නැති නිසා. ජන්ග්කුක් library එකේ පොත් තෝරද්දි දවසක් මේ විදිහටම ටේහ්‍යුන්ග් බොරුවට ජන්ග්කුක් එක්ක පොත් තෝරපු දවස එයාට මතක් වුණා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now