Chapter 9

2.5K 513 117
                                    

එකපාරටම ජන්ග්කුක් කාගෙදො මන්දා ඇඟේ වැදිලා විසික් උනා. හොඳ වෙලාවට ශක්තිමත් අත්දෙකක් ජන්ග්කුක්ගෙ ඇඟ වටේට එතුනෙ ජන්ග්කුක් එයාගෙ ඇස් තදකරලා පියාගනිද්දි. වැටුනෙ නැත්තෙ ඇයි බලන්න ජන්ග්කුක් ඇස් ඇරියම තමයි එයා දැක්කෙ එයාගෙ ඇස් වලට එබීගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව.

 වැටුනෙ නැත්තෙ ඇයි බලන්න ජන්ග්කුක් ඇස් ඇරියම තමයි එයා දැක්කෙ එයාගෙ ඇස් වලට එබීගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් දඩිබිඩි ගාලා එයාගෙන් ඈත් උනේ ටේහ්‍යුන්ග්ට රවන ගමන්.

"තෑන්ක්ස් කරන්නෙවත් නැද්ද?" ටේහ්‍යුන්ග් අහිංසක විදිහට ඇහුවත් ජන්ග්කුක් එයා දිහා ඔරවලා බැලුවා.

"ඔන්න බලාගෙන.." ටේහ්‍යුන්ග් කියද්දි පිටිපස්ස බලපු ජන්ග්කුක් දැක්කෙ එයාලා දිහාට කවුදෝ ලොකු වතුර පාරක් ගහනවා. එකපාරටම ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඉනෙන් ඇදල එයාව තුරුල් කරගත්තෙ ටේහ්‍යුන්ගෙ පිටට වතුර පාර වැදෙන්න ඉඩ ඇරලා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ පපුවට තුරුල් වෙලා තත්පර ගානක් උන්නේ එකපාරටම මොකද්ද ඒ උනේ කියලා හිතාගන්න බැරුව. ටේහ්‍යුන්ග් එහෙම කරේ හදිස්සියේ ආපු සිතිවිල්ලක් නිසා. එයා ජන්ග්කුක්ට හොඳින් සලකලා බැලුවෙ එතකොටවත් ජන්ග්කුක්ගෙ මේ තරහ අඩුවෙයිද කියලා බලන්න. ඒත් අවාසනාවකට ඒක එහෙම උනේ නෑ. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව තල්ලු කරේ ටේහ්‍යුන්ග්ට හිතන්නවත් ඉඩක් නොතියා.හොඳ වෙලාවට ටේහ්‍යුන්ග් අඩි දෙක තුනක් පිටිපස්සට විසික් උනා මිසක් වැටුනෙ නෑ.

"කරුණාකරලා මගෙන් ඈත්වෙලා ඉන්නවා. මට තමුසෙව පේන්න බෑ. I fucking hate you.. asshole." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ මූණටම එහෙම කෑගහලා එතනින් දුවන් ගියා. එයාලා වටේට හිටපු අයත් මේ දිහා බලන් හිටපු නිසා ටේහ්‍යුන්ග්ට අපහසුතාවක් එක්කම දරාගන්න බැරි කේන්තියක් දැනුනේ.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now