Chapter 20

2.7K 460 102
                                    

"පිස්සු හැදීගෙන එනවද මීරා. මොකද්ද ඔයා ඒ කලේ?" ටේහ්‍යුන්ග් තරහින් ඇහුවෙ මීරාව අහකට තල්ලු කරන ගමන්. හිතුවෙවත් නැති විදිහට මීරා එකපාරටම එයාව කිස් කරා.

"මට සමාවෙන්න.. ඒත් ටේහ්‍යුන්ග් මට ඔයාව අමතක කරන්න බෑ. මං දන්නවා ඔයාටත් එහෙමයි කියලා. ඒකනේ ඔයා මගෙන් පස්සෙ කාත් එක්කවත් යාලු නොවුනෙ." මීරා කියන්නෙ ටේහ්‍යුන්ග්ගෙ කලින් girlfriend කෙනෙක්. ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක්ව හම්බෙන්න කලින් හිටපු කෙනා තමයි මීරා. මීරා නොදන්නව උනාට ටේහ්‍යුන්ග් තනිකඩව ඉන්න හේතුව ජන්ග්කුක් කියලා මතක් වෙද්දි එයාගෙ කට කොනකට හිනාවක් ගියා.

"ඇත්තම කියනව නම් මීරා ඔයාට පස්සෙත් මං කෙනෙක් එක්ක යාලු උනා. ඒ කෙනා නිසා තමයි මං තාමත් තනිකඩව ඉන්නෙ. මට ආයෙ එයාව නොලැබුනත් මං සදහටම එයාට ආදරේ කරයි. ඒ නිසා මං ගැන තියෙන බලාපොරොත්තු අතෑරගන්න." ටේහ්‍යුන්ග් එහෙම කියලා මීරව දාලා එතනින් ආවා.

ඒත් මේ සිද්ධිය නොදන්න ජන්ග්කුක් නම් ටේහ්‍යුන්ග්ව සදහටම අමතක කරන්න හිත හදාගත්තා. ඒත් එයා දැනන් හිටියා එයාට තනියම ඒ දේ කරන්න බෑ කියලා. ඒ නිසා ජන්ග්කුක් රෝසිව පාවිච්චි කරන්න හිතුවා. ජන්ග්කුක් දැනන් හිටියෙ එයා කරන්න යන්නෙ වැරැද්දක් කියලා. ඒත් රෝසිගෙ හොඳ ගතිගුණ නිසා සමහරවිට කාලයක් යද්දි එයාට රෝසි ගැන ඇත්තටම කැමැත්තක් ඇතිවේවි කියලා ජන්ග්කුක් බලාපොරොත්තු උනා.

එදා රෝසිව හම්බවෙන්න යන්න දාගත්තු නිසා ජන්ග්කුක් ඒකට යන්න හොඳ ඇඳුමක් හෙව්වා. ඒත් එයාගෙ ඇඳුම් අතර තිබ්බ දුඹුරු පාට ශර්ට් එකක් ජන්ග්කුක්ගෙ මතකෙට ආයෙමත් ටේහ්‍යුන්ග්ව ගෙනාවා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ apartment එකේ හිටපු දවසක ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ඇඳන් එන්න කියලා දුන්න ටේහ්‍යුන්ග්ගෙ ශර්ට් එකක් ඒ.. ඒක closet එකේ කොනකට විසික් කරපු ජන්ග්කුක් කලු baggy ටීශර්ට් එකක් ගත්තා කලු කලිසමකට.

පැය බාගෙකින් විතර ජන්ග්කුක් university garden එකට යනකොටත් රෝසි එතෙන්ට ඇවිල්ලා හිටියා.

"අනේ සොරි මං ගොඩක් පරක්කු උනාද? ඔයා ගොඩක් වෙලා ඉඳන් බලන් හිටියද?"

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now