Chapter 22 [Final Chapter]

4.6K 566 287
                                    

"ජන්ග්කුක් ඔප්පා.. මට සමාවෙන්න." දීර්ඝ නිහඬතාවය බිඳිමින් රෝසි එයාගෙ කටහඬ අවදි කලා.

ජන්ග්කුක් දිග හුස්මක් පාතට හෙලලා රෝසි දිහාට හැරුණා.

"ඒකට කමක්නෑ රෝසි... මට ඔයාව තේරුම් ගන්න පුළුවන්. මං කවදාවත් ඔයාට හොඳ boyfriend කෙනෙක් උනේ නෑ... මං ඒක දන්නවා. ඉතින් අන්තිමේදි මගෙන් නොලැබුණු ඔයාට ඕනෙ ආදරේ හොයන් ඔයා ගියා."

"අනේ ජන්ග්කුකී ඔප්පා.. ඔයා ඔහොම කියද්දි මට මං ගැනම ලැජ්ජාවක් දැනෙන්නෙ. මං කරේ හරිම පහත් වැඩක්. මොන දේ උනත් ඔයා එක්ක කතා කරලා මට තීරණයක් ගන්න තිබ්බා."

"ඒකට කමක්නෑ රෝසි.. අනික මාත් වැරදියි."

"එහෙම කියන්නෙපා. ඔප්පගෙ කිසිම වරදක් නෑ. ඔප්පා හරිම හොඳයි. මට තව ඉවසන්න තිබ්බා."

"නෑ රෝසි.. ඔයා නොදන්නවා උනාට මං ඔයාට ළං උනේ කෙනෙක්ව අමතක කරන්න." ජන්ග්කුක් එහෙම කියද්දි රෝසිගෙ බය පිරිලා තිබ්බ ඇස් වල කුතුහලයක් මතු උනා.

"ඒ කිව්වෙ?"

"මං.. මං ඒ දවස්වල හොඳටම දුකෙන් හිටියෙ මගෙ boyfriend මාව රවට්ටපු නිසා. එයාව අමතක කරන්නයි මං ඔයාට ළං උනේ... ඒත් මං කරේ ලොකු වැරැද්දක්."

"Boyfriend?" රෝසිට ජන්ග්කුක්ගෙ කතාවෙන් ඇහුන එකම කෑල්ල ඒක විතරයි.

"ඔව් boyfriend. I'm gay."

"OMG! මං.. මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේම නෑ. මට සමාවෙන්න ඔප්පට කරදර කරාට මුලින්. දැන් හැමදේම මට තේරෙනවා... oh gosh මං මේ ගැන දැනන් හිටියනම් කවදාවත් ඔප්පට කරදර කරන්නෙ නෑ. ඒක නෙවෙයි ඔප්පගෙ boyfriend ගැන මට කියන්න බැයිද? එයා ඔප්පව රැවැට්ටුවා නම් මං ඔප්පට වෙන හොඳ කොල්ලෙක්ව හොයලා දෙන්නම්." මෙච්චර වෙලා හරිම බැරෑරුම් කතාවක හිටපු රෝසි එකපාරටම කියෝගෙන කියෝගෙන යද්දි ජන්ග්කුක් වේගයෙන් ඇහි පිල්ලම් ගැහුවෙ රෝසිගෙ වෙනස්වීම ගැන පුදුමෙන්.

"අහ්.. ඔප්පා අකමැති නම් කමක්නෑ. ඒත් මං ඇත්තටම boy love වලට පිස්සු වැටිච්ච කෙනෙක්. I'm a fujoshi. ඒ නිසා මං ඔප්පා ගැන මුකුත්ම හිතන්නෙ නෑ." රෝසි සතුටින් දිලිසෙන ඇස් එක්ක කියද්දි ජන්ග්කුක්ට හිනාත් ගියා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now