Chapter 17

2.6K 466 134
                                    


"ඇත්තටම හ්‍යුන්ග්.. ඔයා හිතන්නෙ මගෙ ඇස් පේන්නෙ නෑ කියලද?" ජන්ග්කුක් ඇහුවෙ එයා එද්දිම ටේහ්‍යුන්ග් බිබී හිටපු සිගරට් එක හංගගත්ත හින්දා.

"ආයිශ්... එහෙම එකක් නෙවේ. මං දන්නවනෙ ඔයා මං සිගරට් බොනවට කැමති නෑ කියලා." 

"ඒක හොඳ නැති නිසානෙ කියන්නෙ. මෙහෙම කරමු.. හ්‍යුන්ග් වෙන දේකට හුරු උනොත් ඒක නවත්තගත්තැකි. එන්නකෝ.." ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ අතින් ඇදන් ගියේ ළඟ තිබ්බ ශොප් එකකට. ඒකෙන් ස්ට්‍රෝබෙරි චුයින්ගම් ටිකක් අරන් ජන්ග්කුක් ඒක ටේහ්‍යුන්ග් අතට දුන්නා.

"ආයෙ සිගරට් බොන්න හිතෙද්දි මේකක් කන්න. ටික ටික අඩු කරගන්න. එතකොට නිකන්ම කාලයක් යද්දි ඕක අතෑරිල යයි." ජන්ග්කුක් උපදෙස් දුන්නා.

"ඔයාට ඕනෙ මං සිගරට් බොන එක නවත්තන්නද? එහෙම නැත්නම් ඔයා මගෙ තොල් වල nicotine රහට වඩා strawberry රහට කැමති නිසාද මේ?" ටේහ්‍යුන්ග් කට කොනකට හිනාවෙන ගමන් අහද්දි ජන්ග්කුක් රවලා බැලුවා.

"හරි හරි.. මං කොහොමහරි සිගරට් බොන එක නවත්තලා පෙන්නනම්කො." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් පොරොන්දු උනා.

" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් පොරොන්දු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒකනෙවෙයි.. අද ජිමින් නෑ. මේ සතියෙ එයා ගෙදර යනවලු අද රෑට එනවද මගෙ රූම් එකට?" ටේහ්‍යුන්ග් අහන තාලෙන්ම ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යුන්ග්ට ඕනෙ මොනවද කියලා.

"බෑ මාත් ගෙදර යනවා අද හවසට."

"බෑ බෑ... අද යන්න එපා. අනේ මොකද්ද බනී.. ප්ලීස් අදට විතරක්." ඇස් බෝල කරන් ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ඉස්සරහ හුරතල් වෙන්න ගත්තා.

"හ්‍යුන්ග්.. ඔයා එක්ක බෑ මේක කරන්න. ඊයෙ දවලුත් මං ආවා. අද නම් බෑ මුකුත් කරන්න. මට තාම අමාරුයි." ජන්ග්කුක් කිව්වෙ ඔරවන ගමන්.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now