Chapter 4

2.6K 521 72
                                    


රැග් කරන්න පටන් අරන් සතියක කාලයක් ගෙවිලා ගියා. ජූනියර්ස්ලට හැමදාම උදෙන්ම ඇවිත් සීනියර්ස්ලගෙ බැනුම් අහගෙන ඉන්න සිද්දවුණා. ජන්ග්කුක්ට නම් ටික දවසක් යද්දි ඒ විකාර වැඩ එපාවෙලා ගියා. ඒ හින්දා කොල්ලා කැන්ටිමට නොයා රැග් එක මග අරින්න තීරණය කරා. එදා ජන්ග්කුක් ලෙක්චර් හෝල් එකට යන අතරමගදි එයාට ජින්ව හම්බ වුණා.

"ජින් හ්‍යුන්ග්..." ජන්ග්කුක් එයාගෙ අයියව දැක්ක ගමන් සතුටින් කෑගහලා එයා ළඟට දිව්වා.

"ජන්ග්කුකාහ්.." ජින් එයාගෙ හුරතලේ දිහා බැලුවෙ මුලු මූණම හිනාවකින් පුරවන්.

"ඇයි ඔයා මාව හම්බවෙන්නවත් ආවේ නැත්තෙ හ්‍යුන්ග්?" ජන්ග්කුක් ජින් ළඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා.

"ආහ්.. මේකනෙ කුකී, ඔයාලට සෝශල් එක දෙනකම් අපිට ඔයාලා එක්ක මෙහෙම කතාකරන්න බෑ. ඒකයි මම ඔයාව හම්බවෙන්න ආවේ නැත්තේ."

"ආයිශ්, මට දැන් අපේ සීනියර්ස්ලව එපාවෙලා තියෙන්නෙ. ඇයි අප්පා එයාලට අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න බැරි?"

"ශ්ශ්.. කෑගහන්න එපා. ටිකක් ඉවසන්නකො. ඕක ඉක්මනට ඉවර වෙයි. Omg! ඔයා ඔය රැග් එක මඟාරිනවද කුක්??" ජින්ට ඒක තේරුම් ගියෙ ඒ වෙලේ.

"ඔව්.. මට බෑ ඕවට යන්න." ජන්ග්කුක් තොල් පෙරලන ගමන් කියද්දි ජින්ගෙ ඇස් ගියෙ ජන්ග්කුක්ගෙ පිටිපස්සෙ ඉඳන් එයාලා දිහා බලන් ඉන්න කෙනෙක් වෙතට.

"ඔයා ඉවරයි කුකී.. එකපාරටම බලන්න එපා. ඔයාලගෙ සීනියර් රෙප් පිටිපස්සෙ ඉඳන් ඔයා දිහා බලන් ඉන්නවා.." ජින් කියපු ගමන් ජන්ග්කුක් හැරිලා බැලුවා. එයාගෙ බෝල ඇස් වලට හුරුපුරුදු තියුණු ඇස් හමුවෙද්දි ජන්ග්කුක් ගස්සලා ඉස්සරහ බලාගත්තා.

"ඔහ් හෝ.. එතකොට අපිට රැග් කරන එක පිටිපස්සෙ ඉන්නෙ එයාද?"

"ආයිශ්.." ජින් එයාගෙ නළලට ගහගත්තා. "හරිනම් මං ඒක ඔයාට කියන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඒ හින්දා ප්ලීස් ඒක රහසක් විදිහටම තියාගන්න.. කාටවත් කියන්න එපා."

"හරි හරි.. ඒ උනාට ඒ උගුඩුවට තමයි මං කැමතිම නැත්තෙ."

"එයා නරක කෙනෙක් නෙවෙයි කුක්. මම එයාගෙන් ඇහුවා ඔයාව රැග් එකෙන් අයින් කරන්න බැයිද කියලා. හැබැයි කොල්ලා ඒකට කැමති වුණේ නෑ. ඒ උනාට මං දැකපු මාර රෙස්පෙක්ටබල් කොල්ලෙක් තමයි එයා." ජින් කියද්දි ජන්ග්කුක් ඇස් රෝල් කරේ ජින් කියපු එකට එකඟ නෑ කියලා පෙන්නලා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now