Chapter 15

2.5K 469 71
                                    


2nd year එකේ 1st semester එකම ගෙවිලා ගියේ ජන්ග්කුක්ලා පොඩි අයගෙ රැග් එක එක්ක බිසී වෙද්දි. ඒ අතරෙදි ජන්ග්කුක් කොහොමහරි වෙලාවක් හොයන් ටේහ්‍යුන්ග් එක්ක cricket practice වලට හරි ගියෙ එයාව බලන්න ඕනෙකමට. ඒත් ජන්ග්කුක්ට තේරුණා ඒ දෙන්න අතර තාමත් තියෙන්නේ නිකන් යාලුකමක් වගේ දෙයක් කියලා. මොකද ජන්ග්කුක් නිතරම ටේහ්‍යුන්ග්ව හම්බවෙන්න ගියාට ටේහ්‍යුන්ග් එයාව බලන්න ආවෙ කලාතුරකින්. ඒ වගේම ටේහ්‍යුන්ග් කවදාවත් රාගී විදිහට ජන්ග්කුක්ව ස්පර්ශ කලේ නෑ. ජන්ග්කුක් හිතුවෙ ටේහ්‍යුන්ග් මුලින්ම ජන්ග්කුක්ව blackmail කරේ එහෙම බොරුවක් කියලා නිසා දැන් ටේහ්‍යුන්ග් එයාට ළං වෙන්න බයෙන් ඉන්නෙ කියලා. ඒ නිසා ජන්ග්කුක් ඉවසන් හිටියා ටේහ්‍යුන්ග්ම එයාට ළං වෙනකම්. ඒත් කොච්චර බලන් හිටියත් ඒක වෙන්නැති දෙයක් කියලා ජන්ග්කුක්ට පහුවෙද්දි තේරුණා.
ඒ මොනවා උනත් දෙන්නා බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා උනාට පස්සෙ ටේහ්‍යුන්ග් කවදාවත් ජන්ග්කුක්ගෙ හිත රිද්දුවෙ නෑ. අඩුගානෙ සැරෙන් කතාකරලා බැනලවත් නෑ. ජන්ග්කුක් එයාව බලන්න ආපු හැමවෙලාවකමත් ටේහ්‍යුන්ග් හරිම ආදරෙන් තමයි ජන්ග්කුක් එක්ක කතාකරේ.

"මොනාද කල්පනා කරන්නෙ?" ජන්ග්කුක් පියවි ලෝකෙට ආවෙ ටේහ්‍යුන්ග්ගෙ කටහඬට. ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ අතේ තිබ්බ strawberry milkshake එක අරන් උගුරක් බීලා ආයෙත් ජන්ග්කුක්ගෙ මූණට එබුනෙ ජන්ග්කුක් කතාවක් නැති නිසා. කොහොමත් ජන්ග්කුක් ගොඩක් වෙලාවට හරිම නිහඬයි.

"මොකද ම්ම්?"

"නෑ හ්‍යුන්ග් මුකුත් නෑ.. ලබන සතියෙ අපේ පොඩ්ඩන්ගෙ සෝශල් එක තියෙයි. කට්ටිය මට ඩාන්ස් එකක් කරන්න කිව්වා. කමක් නෑ නේද?"

"අයියෝ ඕක මගෙන් අහන්නත් දෙයක්ද? ඔයාට ඩාන්ස් කරන්න පුළුවන් සුපිරියටම.. ඒ නිසා අනිවාර්යයෙන් කරන්න ඒක. ඔයාට තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න." ටේහ්‍යුන්ග් කිව්වෙ අවංකවම. ජන්ග්කුක් ගොඩක් දක්ශයි කියලා ටේහ්‍යුන්ග් ඒ වෙද්දි දැනන් හිටියා.

"හ්ම්ම්... හ්‍යුන්ග්ලත් එනවනේ එදාට?

"ඔව් ඔව් අනිවාර්යයෙන් එනවා එදාට. ජිමින් මට කිව්වා ඔය කතාව. මට අමතක වෙලා තිබ්බෙ." ජන්ග්කුක් මොහොතක් ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා. ඉස්සර හිටපු කෙට්ටු ටේහ්‍යුන්ග් වෙනුවට දැන් හිටියේ ඇඟ ගානට  හදාගෙන තිබ්බ ශක්තිමත් ටේහ්‍යුන්ග් කෙනෙක්. ජන්ග්කුක්ව පරද්දන්න තිබ්බ උවමනාවට workout පේන්න බැරුව හිටිය මිනිහත් workout කරන්න පටන් ගත්තුවගෙ ප්‍රතිඵල මාස 6,7ක් යද්දිම පේන්න අරන් තිබ්බා. දැන් නම් ටේහ්‍යුන්ග් ජන්ග්කුක් තරමටම buff වෙලා හිටියෙ.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now