Chapter 8

2.5K 477 29
                                    

"ඔයාට හිතෙන්නෙ නැද්ද ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ටිකක් buff වෙලා වගේ කියලා." ඒ යුන්වෝ.

"මටත් හිතෙනවා. මොකක්මහරි වෙනසක් තියෙයි." බම්බම් එකඟ වුණා.

"ශ්ශ්.. ඔය දෙන්න මුණු මුණු ගාන්න ගිහින් අපි ඔක්කොමලට බැනුම් අහන්න වෙයි." එහෙම කීවෙ එයාලා ළඟ හිටපු සේහුන්. ජන්ග්කුක් නම් රවාගෙන බලන් හිටියේ මේ මොන නාඩගමක්ද කියලා.

සීනියර්ස්ලා කිව්ව විදිහට ජූනියර්ස්ලා හැමෝම ග්‍රවුන්ඩ් එකේ කෙලවර තිබ්බ ලොකු ගහ යටට ආවා. ඒ ගහ කොච්චර ලොකුයිද කියනවනම් මුලු පලාතකටම හෙවන දෙන්න ඒ ගහට පුළුවන් උනා. අවුරුදු ගානක් සිසුන්ට සෙවන දීලා සරසවි ආදර කතා දිහා හොරෙන් බලන් හිටපු ඒ විසල් ගහ ඇත්තටම සරසවියේ හැමෝම ආදරය කරපු තැනක්. මොනතරම් ලස්සන ගොඩනැගිලි තිබ්බත් ඒ ගහ ළඟදි දැනෙන හැඟීම දෙන්න ඒ එක ගොඩනැගිල්ලකටවත් බැරිවුණා.

"අපි අද ඔයාලාට එන්න කිව්වෙ පොඩි ජොලියක් ගන්න. ඔයාලා ඔක්කොමලා එකතුවෙලා අපිට අද ලස්සන talent show එකක් පෙන්නන්න ඕනෙ." ටේහ්‍යුන්ග් කිව්වෙ හිනාවක් එක්ක. සීනියර්ස්ලගෙ මූණු වල තියෙන හිනාව දකිද්දි නම් ජූනියර්ස්ලට හිතුනා තවත් කරදරයක් තමා මේ කියලා.

"හොඳයි අපි මුලින්ම නිවේදකයෙක් තෝරමු. කවුද කැමති? කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ කව්ද?" ජිමින් අහද්දි යුගියොම් ඉස්සරහට ආවා. කව්රුත් ආවෙ නැත්නම් හැමෝටම බැනුම් අහන්න වෙනවා කියලා යුගියොම්ට තේරුණා. ඒ නිසයි හැමෝගෙම හිතට හයියක් වෙන්න එයාම මුලින් ඉදිරිපත් උනේ.

"ඇත්තටම කියනවනම් ඔයාලට ඉන්නෙ හොඳම හොඳ නායකයෙක්. ඔයාලා වෙනුවෙන් ඕනදේකට ඉස්සරහට එන. හැමෝම යුගියොම්ට අත්පොලසන් නාදයක් ලබාදෙන්න." ටේහ්‍යුන්ග් කිව්වෙ අවංකවම.

"දැන් අපිට ඕනෙ stage එකක්. මෙන්න මේ කොටුව තමයි stage එක. " ජැක්සන් කිව්වෙ කෝටු කෑල්ලකින් ටිකක් ලොකු කොටුවක් බිම අඳින ගමන්.

"දැන් කොහෙද කැමරාමන්... ආ ඔයා එන්න. අතේ කැමරාවක් තියේ කියලා හිතන් මේ event එක රෙකෝඩ් කරන්න ඕනෙ ඔයා." එහෙම කිව්වෙ සාරා.

"දැන් කෝ අපට lights.. ආ ඔය දෙන්නා එන්න. අත් වලින් lights පෙන්නන්න. අත් උස්සලා නැත්නම් කොහොමද stage එක පේන්නෙ.?"

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now