Chapter 21

2.7K 474 69
                                    

"කෝ ජන්ග්කුක්?" Junghyun ඇහුවෙ ජන්ග්කුක් උදේ කෑමටවත් ආවෙ නැති නිසා.

"ඒකතමා.. තාම නිදි ඇති."

"යකෝ මේක හරියට බනීගෙ wedding එක වගේනෙ."

"ඉන්නකෝ මං ගිහින් බලලා එන්නම්." එහෙම කියලා mrs.jeon ජන්ග්කුක්ගෙ කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කරා. කීප සැරයක්ම දොරට තට්ටු කරත් සද්දයක් නැති නිසා එයා හිමීට දොර ඇරලා බලද්දි දැකපු දෙයින් එයාගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු වුණා.

ටේහ්‍යුන්ග්ගෙ නිරුවත් පපුවට තුරුල් වෙලා හිටපු ජන්ග්කුක් එක්ක හැඩි වෙලා තිබ්බ ඇඳ ඇතිරිලියි බාගෙට නිරාවරණය වෙලා තිබ්බ නිරුවත් සිරුරුයි දැක්කම ඊයේ මොකද්ද උනේ කියලා හිතාගන්න mrs.jeon ට අමාරු උනේ නෑ. පස්සෙ ඒ ගැන අහනවා කියලා හිතන් mrs.jeon ආපහු දොර වහගෙන එතනින් පිටත්උනා.

Mrs. Jeon ගිහින් ටික වෙලාවකට පස්සෙ ජන්ග්කුක්ටත් ඇහැරුනා. එයාගෙ ඉන වටේට එතිලා තිබ්බ අතයි මූණට වැදුනු උණුසුම් සුසුමුයි නිසා ජන්ග්කුක් ගැස්සිලා ඈතට වුණා. ඒත් එක්කම එයාට එහාපැත්තෙන් නිදාගෙන හිටපු ටේහ්‍යුන්ග්ගෙ මූණ දැක්කම ජන්ග්කුක්ගෙ හිත හැඟීම් ගොඩකින් පිරිලා ගියා. දුක, සතුට, තරහව, කලකිරීම, බලාපොරොත්තුව ඔය හැමදේම ජන්ග්කුක්ට දැනුනා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ මූණ දිහා බලාගෙන ලොකු කල්පනාවක ගිලිලා හිටිය නිසා ටේහ්‍යුන්ග් අවදි වෙනවා ජන්ග්කුක්ට දැනුනෙ නෑ.

"උම්.." ටේහ්‍යුන්ග්ටත් මොකද්ද කියන්නෙ කියලා හිතාගන්න බැරි උනා එකපාරටම. ඒත් ඒ නිසා ජන්ග්කුක්ගෙ දැහැන බිඳුනා.

"අහ්.. ඔයා ගිහින් වොශ් එකක් දාගන්න. ඕනදේවල් bathroom එකේ ඇති. මගෙ ඇඳුමක් ඔයාට අඳින්න පුළුවන්." ජන්ග්කුක් එහෙම කිව්වම ටේහ්‍යුන්ග්නුත් හිමීට ඔලුව වනලා ඇඳෙන් බැස්සා. ජන්ග්කුක් ඉක්මනට අනිත් පැත්ත හැරුණේ ටේහ්‍යුන්ග් ඉස්සර වගේම කිසිම ඇඳුමක් නැතුව bathroom එකට ඇවිදන් යනවා දැක්කම. කොච්චර පාරක් ඒ සිද්ධියට මුහුණ දෙන්න වෙලා තිබුණත් ජන්ග්කුක්ට නම් තාමත් ඒකට හුරුවෙන්න බැරි වුණා.

ටේහ්‍යුන්ග් වොශ් එකක් දාන් එනකම් ජන්ග්කුක් ඇඳ අස් කරා. ටේහ්‍යුන්ග් වොශ් එකක් දාගෙන ආපහු කාමරේට ආව ගමන්ම ජන්ග්කුක් එයාව මගෑරලා bathroom එකට පැනගත්තා. ඉතින් ටේහ්‍යුන්ග් එළියට ගියෙ ගෙදර අනිත් අය එක්ක කතා කරන්න හිතාගෙන. ටේහ්‍යුන්ග් යද්දිම වගේ එයාට එයාගෙ මස්සිනා junghyun වයි එයාගෙ නංගිවයි හම්බුනා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now