Chapter 3

2.7K 526 58
                                    


ඔය විදිහට කාලය ගතවෙලා ගිහින් සතියක් ගෙවිලා ගියා. සති අන්තයේ සමහර ළමයි එයාලගෙ ගෙවල් වලට යද්දි තවත් සමහරු නේවාසිකාගාරයේ නැවතුණා. ජන්ග්කුක් වගේම එයාගෙ යාලුවො තුන්දෙනත් ඒ සතියෙ ගෙදර යන්නෙ නැතුව ඉන්න තීරණය කරා. මොකද ඒ හතරදෙනාම සෝල් වල ඉඳන් ටිකක් දුරින් හිටපු නිසා.

සාමාන්‍යයෙන් සීනියර්ස්ලා නම් ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා ගෙදර යන්නෙ නෑ. Assignment, lab reports ගොඩ ගැහිලා තියෙද්දි ගෙදර යන එක බොරුවට කාලෙ නාස්ති කිරීමක් හින්දා එයාලා ගොඩක් වෙලාවට හොස්ටල් එකේ සති අන්තය ගතකරා. ඉතින් ටේහ්‍යුන්ග්නුත් හිටියෙ හොස්ටල් එකේ. ඒ වගේම එදා ටේහ්‍යුන්ග් එයාලගෙ බැච් එකේ අයට කතාකරේ හදිස්සි මීටින් එකකට.

"ම්ම්.. අද මං ඔයාලට එන්න කිව්වෙ අපේ ජුන්නො ගැන කතාකරගන්න." ටේහ්‍යුන්ග් පටන් ගත්තා.

"ඔයාලා හිතන්නෙ අපි එයාලට කැම්පස් එකේ ඉන්න ඕනෙ විදිහ ගැන කියලා දෙන්න ඕනෙ කියලද?" ටේහ්‍යුන්ග් අහද්දි හැමෝම වගේ ඔව් කියන්න ඔලුව වැනුවා.

"ඔයාලා දැනටමත් දන්නවා.. අපේ ලෙක්චර්ස්ලා කීපදෙනෙක්ම එයාලා කරපු වැරදි ගැන අපිට කම්ප්ලේන් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අපි ඒ දේවල් පොඩි උන්ට කියලා දෙන්න දැන් පටන් ගන්න ඕනෙ කියනෙක. කැම්පස් එකක් කියන්නෙ මොකද්ද.. කැම්පස් එකක හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා ඒ ඔලුවලට දාන එක අපේ වගකීමක්." අනිත් අය ටේහ්‍යුන්ග් එක්ක එකඟ වෙද්දි ටේහ්‍යුන්ග් දිගටම කතා කරා. 

"අපිට මේකට ඕගොල්ලො හැමෝගෙම උදව් ඕනෙ. අකමැති කවුරුහරි ඉන්නවනම් දැන්ම ඇවිත් කියන්න. මං ඔයාලගෙන් වෙන්න ඕනෙ දේවල් ගැන පස්සෙ කියන්නම්. එතකන් අපි කට්ටියව කණ්ඩායම් කීපෙකට බෙදලා දවසක් භාරදෙනවා. එතකොට ඒ දවසට රැග් කරන්න යන්නෙ එයාලා සෙට් එක." ටේහ්‍යුන්ග් එහෙම කියලා එයාගෙ කතාව අවසන් කරා.

ඊටපස්සෙ කට්ටිය ටීම් ටික බෙදලා රැග් එකේදි කරන්නෙ මොනාද නොකරන්නෙ මොනාද කියලා ටිකවෙලාවක් සාකච්ඡා කරා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මම මුලින්ම කිව්වනෙ ජන්ග්කුක් කියන්නෙ මුරණ්ඩු හිතුවක්කාර කොල්ලෙක් කියලා. ඉතින් මේ වෙද්දි ජන්ග්කුක් හිටියෙ කැම්පස් ජිම් එකේ... workout කරන ගමන්. ජන්ග්කුක්ගෙ හොබී එකක් තමයි හැමදාම workout කරන එක. ඉතින් කොල්ලා කැම්පස් ජිම් එක ගැන දැනගත්තම එයාගෙ යාලුවන්ටත් හොරෙන් ඇවිත් ඒකට රිංගගත්තා. සෙනසුරාදා දවසක් උනු නිසා එයා යද්දි ජිම් එකේ කවුරුත් හිටියෙ නෑ. 

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now