Chapter 14

2.6K 471 85
                                    

තවත් ලස්සන දවසක් උදාඋනේ ජන්ග්කුක්ලගෙ කැම්පස් ජීවිතේ දෙවෙනි වසර ආරම්භ කරමින්. දෙවෙනි වසර ආරම්භ උනේ වෙනස්කම් ගොඩක් එක්ක. පලවෙනි එක, අදින් පස්සෙ එයාල තවදුරටත් ජූනියර්ස්ලා නෙවෙයි. ඒ වගේම ටේහ්‍යුන්ග් කියන්නෙ ජන්ග්කුක්ගෙ  enemy කෙනෙකුත් නෙවෙයි. ජන්ග්කුක් තවදුරටත් තනිකඩ උනෙත් නෑ. ඒත් ජන්ග්කුක් නොදැන හිටියට ඒ ආරම්භ උනේ ජන්ග්කුක්ගෙ ජීවිතෙ ප්‍රශ්න වැඩිම අවුරුද්ද.

ජන්ග්කුක් බලන් හිටියෙ මීට අවුරුද්දකට කලින් එයාල බයෙන් ගැහි ගැහී ආපු විදිහටම අලුතින් කැම්පස් එකට එන පොඩි උන් ටික දිහා. ජන්ග්කුක්ට පසුතැවීමක් දැනුනෙ ඒ කාලෙ එයා ටේහ්‍යුන්ග්ට කියපු කරපු දේවල් මතක් වෙද්දි. ඒත් ඉතින් දැන් ඒ හැමදේම වෙලා ඉවරයි.

"මොනාද ඔච්චර කල්පනා කරන්නෙ කුකී?" මිකී ඇවිත් ජන්ග්කුක්ගෙ කරට අතක් දාගත්තා. ජන්ග්කුක් එයාට වඩා උස නිසා මිකී එයාගෙ අත ජන්ග්කුක්ගෙ ඉනවටේට යැව්වෙ ඒ විදිහ පහසු නිසා. ජන්ග්කුක් මිකීගෙ උරහිසට බරවුනේ හුස්මක් පිට කරන් ගමන්. එයා මිකීට ගොඩක් එකතු උනා. එයාට දැනුනෙ එයාගෙ යූරි නූනා ආයෙ ලැබුනා වගේ හැඟීමක්. ජන්ග්කුක් අනිත් ගෑනුලමයි එක්ක තාමත් වැඩිය කතා නොකරත් මිකීට නම් ගොඩක් ළංවුණා.

"මට අපේ first year එක මතක් උනා අලුත් අයව දකිද්දි."

"ආහ්.. හම්මෝ ඒ කාලේ. ඔයා නම් කාල බෝම්බයක්. ටේහ්‍යුන්ග් ඔප්පා එක්ක රණ්ඩු උන හැටි මට හොඳට මතකයි. ඒක නෙවෙයි දැන් කොහොමද ඔය දෙන්න අතර තත්ත්වෙ?" මිකී ඒ පාර ජන්ග්කුක්ගෙ කම්මුල් අල්ලන් එයාගෙ ඇස් වලට එබුනේ ජන්ග්කුක්ගෙ කම්මුල් රතුවෙද්දි.

"අ..අපි දෙන්න අතර මොනවද?"

"බොරු කියන්නෙපා. ටේහ්‍යුන්ග් ඔප්පා ඔයාව date එක්කට එක්කන් ගියා කියලා මං දන්නවා. හරි හරි ඔහොම යන්කෝ මං අල්ලගන්නම්කො දෙන්නව." මිකී නෝක්කඩු කටහඬකින් එහෙම කියලා ජන්ග්කුක්ගෙන් සමු අරන් ගියේ යුගියොම්ව හම්බෙන්න. මේ පාර ජූනියර්ස්ලා ගැන බලන්නෙ එයාලා නිසා ශිෂ්‍ය නියෝජිතයො විදිහට ඒ දෙන්නට වැඩ වැඩි උනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"හෙලෝ ටේ හ්‍යුන්ගී ඔයා කොහෙද ඉන්නෙ?" ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට කෝල් කරේ එදා දවසට එයාට එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව  හම්බ උනේම නැති නිසා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Donde viven las historias. Descúbrelo ahora