Chapter 12

2.6K 478 77
                                    

"මාව හයියෙන් අල්ලගන්න.." ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්ග්කුක්ගෙ අත් එයාගෙ ඉනවටේ රඳවන ගමන්. එයා ආවෙ බයික් එක්ක. ඒ ජන්ග්කුක්ගෙ first time බයික් එකක යන.

"කොහොමත් එයා මගෙ ගොඩක් දේවල් වල පළවෙනියනෙ." ජන්ග්කුක්ට එහෙම හිතුනා. එකපාරටම ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව තද කරල අල්ලගත්තෙ එයා වේගෙ වැඩිකරපු නිසා. ටිකකින් එයාලා නතර උනේ හරිම නිස්කලංක restaurant එකක් ඉස්සරහ.

"කොහෙද මේ.?"

"මේ පැත්තෙ තියෙන නිහඬම තැන්වලින් එකක්.. යමු ඇතුලට." ටේහ්‍යුන්ග් කිව්වෙ හෙල්මට් එක ගලවන ගමන්. එයා ජන්ග්කුක්ගෙ හෙල්මට් එකත් දැම්මා වගේම ගලවලා දුන්නා.

"සර්ලා මොනාද ඕඩර් කරන්නෙ?" දෙන්නා කෙලවරේ තිබ්බ ටේබල් එකකින් ඉඳගත්තට පස්සෙ වේටර් කෙනෙක් ඇවිත් ඇහුවා.

"අපිට පීසා දෙකකුයි strawberry milkshake එකකුයි banana milkshake එකකුයි ගේන්න."

ටික වෙලාවකට පස්සෙ එයාලගේ ඕඩර් එක ගෙනත් දුන්නා.

"කන්න.. කාලා කතාකරමු අපි." ටේහ්‍යුන්ග් එහෙම කියලා milkshake එක අතට ගත්තෙ බොන්න.

ජන්ග්කුක් ඉතින් එච්චර වෙලා වටේ බල බල හිටියෙ. හැබැයි කන්න කිව්ව වචනෙ ඇහුන ගමන් ඔක්කොම පැත්තකින් තියලා ජන්ග්කුක් කෑම එකට අත ගැහුවා.

"යකෝ.. මෙච්චර ඉක්මනට මේක කාලා ඉවර කරේ කව්ද?" ටේහ්‍යුන්ග් ඇස් ලොකු කරන් ජන්ග්කුක් දිහා බැලුවෙ පුදුමෙන්. එයා කෑවෙ එකම එක පීසා කෑල්ලයි. ඉතුරු ඔක්කොම බනියගෙ බඩේ.

"ඔයා ඉතින් මාව ඩේට් එක්කට එක්කන් ආපු නිසා මං ගැන බලන්නෙපැයි." ජන්ග්කුක් කිව්වෙ banana milk එකේ අන්තිම උගුරත් බීලා කට පිහදාගන්න ගමන්.

"Date එක්කට කෙල්ලෙක් එක්කන් ආවම මෙහෙම උනේ නෑ දෙවියනේ. මට කන්න අරන් දීලා පිරිමහන්න බැරිවෙයි වගේ." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් දත් තිස් දෙකම පෙන්නලා හිනාඋනා.

"මං ඉතින් කෙල්ලෙක් නෙවේනේ. අනික මොකටද කන්න ලැජ්ජාවෙන්නෙ?"

"හරි හරි... එහෙනම් ගෙනාපු තෑග්ගත් බලලා ඉන්න." ටේහ්‍යුන්ග් එහෙම කියලා දම් පාට පෙට්ටියක් අරන් ජන්ග්කුක් අතට දුන්නා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now