Chapter 13

2.5K 472 107
                                    

ඊට දවස් දෙකකට පස්සෙ ජන්ග්කුක්ලගෙ ගෙදර අය ලෑස්ති උනේ එයාගෙ අයියගෙ girlfriend ව බලන්න යන්න.

"අපිට වෙලාවට යන්න පුළුවන් වෙයි නේද?" Mrs. Jeon එයාගෙ හස්බන්ඩ් දිහා බලලා ඇහුවා.

"පුළුවන් වෙයි ඔම්මා.. අනික ටිකක් පරක්කු උනාට කමක් නෑ. කොහොමත් තව පැයකින් විතර අපිට එහෙට ගියෑකි." ජන්ග්හ්‍යුන් උත්තර උත්තර දුන්නෙ එයාගෙ අප්පා වෙනුවට.

"ඔයා එහෙ ගිහින් තියේද?"

"එද්දි මං එයාව ගෙදරින් දාගෙන ආවෙ." Junghyun කිව්වෙ හිමීට ඇස් උස්සලා එයාගෙ අම්මා දිහා බලන ගමන්.

"දැන් මට තේරෙනවා ඇයි මෙච්චර හදිස්සි engage වෙන්න කියලා. කොහොමහරි ඔයා ඔයාට හරියන ගෑණුළමයෙක් තෝරගත්තු එක ගැන නම් මට සතුටුයි පුතේ." ඊළඟට mrs.jeon හැරුණේ ජන්ග්කුක් දිහාට.

"ඔයා girlfriend කෙනෙක් හොයාගත්තෙ නැද්ද තාම?"

ජන්ග්කුක් ගැස්සිලා ඔම්මා දිහා බැලුවා. එකපාරටම ජන්ග්කුක්ට මතක් උනේ ටේහ්‍යුන්ග් එයාගෙ boyfriend වෙන්න අහපු මොහොත.

"ආව් ආව් කොල්ලගෙ කම්මුල් රතු උන හැටියට නම් මුකුත් නැතිවෙන්න බෑ. කියනව කවුද ඒ?" Junghyun කියද්දි තමයි ජන්ග්කුක් හරි සිහියට ආවෙ.

"අනේ එහෙම මුකුත් නෑ... සත්තයි."

"හරි හරි කවදහරි අපිට කියයිනෙ. බලමුකො එදාට."

"අප්පා බලන්නකෝ.." ජන්ග්කුක් කන්කෙඳිරි ගෑවෙ mr.jeon දිහාට හැරිලා.

"ඔය දරුවට ඉන්න දෙන්න. එයාට තව වයස තියෙයිනෙ." අප්පා එහෙම කිවෙ ජන්ග්කුක්ගෙ මූනට හිනාවක් එද්දි. එයා junghyun දිහාට හැරිලා විරිත්තුවා.

"අප්පා, ඔය ඔතන පාරෙ යමු."

"ඔය ඉස්සරහ ගෙදර."

"වෝහ්! මාලිගාවක් වගේ." ජන්ග්කුක් කිවේ car එකෙන් බහින ගමන්.

"එයාගෙ අප්පා ඉස්සර දුප්පත්ලු දැන් මෙහෙම හිටියට." Junghyun එහෙම කියලා හැරෙද්දිම ලස්සන ගෑනුලමයෙක් ගේ ඇතුලෙ ඉඳන් දුවන් ආවා.

"Hello aunty, hello uncle." ඒ ගෑනුලමයා ජන්ග්කුක්ගෙ ඔම්මටයි අප්පටයි ආචාර කරලා junghyunගෙ කම්මුලක් සිපගත්තා. "Hey darling"

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Kde žijí příběhy. Začni objevovat