chapter 26

112 28 2
                                    

තෙවන කණ්ඩායමට පෙර දින සිදු වූ ප්‍රහාරය නිසා තවත් සැලකිලිමත් ලෙස කටයුතු කරන ලෙස ගුරුතුමා දන්වා සිටියා.....කියන කණ්ඩායම අද දිනත්  පසුපෙල අමාත්‍යවරුන් පිළිබඳව සෙවීමට ඔවුන්ගේ නිවෙස් කරා ගමන් කලා....
මේ වන විට මාලිගව තත්ත්වය  ඉතාම නරක අතට පත් වෙමින් පැවතියා...ප්‍රධාන ඇමති තුමා ඇතුළු ඔහුගේ පිරිස් රජතුමාට දිගින් දිගටම බලපෑම් එල්ල කරන්න වුනා...ඔවුන් කට පුරාම විවිධ ප්‍රචාර පතුරුවා හරින්නට වුනා...කුමාරවරු මාලිගාවේ නොමැති බව
ඔවුන්ට ආරංචි වී තිබුණා....මේ නිසාවෙන්  රජතුමාණන්ට අමාත්‍ය මණ්ඩලයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වුණා...
අැමති මණ්ඩලයේ බාගයක් පමණ  රජතුමාට පක්ෂපාතී වූවත් ප්‍රධාන අමාත්‍ය ගේ බලපෑම නිසාම සමහර අමාත්‍යවරු කිසිදු පැත්තක් නොගෙන ස්වාධීනව සිටීමට තීරණය කළා...
මේ ආකාරයට දින කිහිපයක් ගත වූ අතර කුමාරවරුන් සහ නිලධාරීන් ඉතා වැදගත් තොරතුරු රාශියක් මේ සුළු කාලය තුළ සොයාගනු ලැබූ අතර  ඒ හැම සාක්ෂියකින්ම සහ තොරතුරකින් ම මෙහි ප්‍රධාන මොළකරු ප්‍රධාන අමාත්‍ය බවත් සොයාගනු ලැබුවා....

එසේම රජතුමාට තමා අමාත්‍ය මන්ඩලයේ වැඩි බලය අහිමි වෙමින් පැවති අතර යුධ ඇමතිවරයාගේ සහය නිසා රාජ්‍යයේ සියළුම සෙබළුන් රජුට පක්ෂපාතීව වැඩ කටයුතු කලා..
ඒ නිසාවෙන් ප්‍රධාන අමාත්‍යතුමාට රාජ්‍ය අල්ලා ගැනීම
ඔහු සිතූතරම්  තරම් පහසුවෙන් සිදු කර ගැනීමට  නොහැකි බව තේරුම් ගියා...

මෙපමන කාලයක් රාජ්‍යයේ රහස ඔත්තුකරුවන් සහ ගුරුතුමාගේ ප්‍රධාන රහස් ඔත්තුකරු ලෙස   කටයුතු කල  පුද්ගලයා අද  නිලධාරීන් සහ කුමාරවරුන්  හමුවීමට පැමිණෙන බවත් ඔහු සතුව සුවිශේෂී තොරතුරු රාශියක් ඇති බවත් ගුරුතුමා ඔවුන්ට පැවසුවා...

දැන් මේ සියලු දෙනා බලාගෙන ඉන්නේ ඔහු පැමිණෙන තෙක්...

💛:-කෝ අනේ මේ එනවා කිව්වේ කෙනා...

💙:-එයාට වෙලාවට වැඩ කරන්න බැරිද කොහෙද...

💚:-දැන් කීයේ ඉඳන්ද මේ බලාගෙන ඉන්නේ....

💖:-දැන්නම් මට කම්මැලියි....

★:-ඔබලාට බලාගෙන සිටින්නට සිදුවීම ගැන කණගාටුයි..ඔහු දැන් පැමිණ සිටිනවා...

Back To Present →Complete←Where stories live. Discover now