chapter 6

538 81 22
                                    




                            පළමු හමුවෙන් පස්සේ ජිමින්ගේ හිතේ ටේ වෙනුවෙන් තිබුන ආදරේ තව තවත් දළුලන්න ගත්තා... ඒ හින්දම එයා ටේට ඒ ගැන කියද්දි ටේ එයාව තරයේම ප්‍රතික්ෂේප කරපු හින්දා ජිමින් හිටියේ තරමක් දුකින්... ඒත් එයා උත්සහාය අතහැරියේ නෑ... ටේට කෝල් කර කර එයාට වද දුන්නා... එක දිගට මැසේජ් කලා... අන්තිමට ටේත් එයාට ආදරේ කරන තැනටම ජිමින් එයාව අරගෙන ආවා...

                        ටේ වගෙම ජිමිනුත් හිටියේ ගොඩක් සතුටින්... ටේගෙ හිත සතුටින් පිරිලා ගිහින්... ආගන්තුක හැගිම් ගොඩක් ටේට දැනෙන්න ගත්තා...  ටේගෙ හිත ආයේ ආයේම ජිමින්ව ඉල්ලුවා... ටේ කොච්චර අකැමති උනත් ජිමින් මැසේජ් කරනවට ටේ යටි හිතින් ජිමින්ගෙ මැසේජ් එක බලාපොරොත්තු උනා... ඒ වගේම මේ ටේගේ පලවෙනි ආදරේ නෙවෙයි... ඒත් ටේට ජිමින්ගෙන් දැනුනේ වෙනස්ම හැගීමක්...

                          ඒ නිසාම ජිමින්ගෙ පොඩි වෙනස් විමත් ටේට ලොකුවට දැනුනා... ඒ ජිමින්ගෙ වෙනස් වීමක් නෙවේ... ඒ ටේට දැනෙන හැටි... මොකද ඒ වෙනකොටත් ටේ ජිමින්ට ආදරේ කරන්න පටන් අරගෙනයි හිටියේ... ජිමින්ගෙ රිප්ලයි එක එන්න පරක්කු උනොත් ටේට ගොඩක් කෙන්ති යනවා... ඒ වෙලාවට ටේගෙ කටින් වචන පිට වෙන්නෙ නොදැනුවත්වමයි... ටේ ජිමින්ගෙ instagrem account එක සැරෙන් සැරෙ බලන්න පටන් ගත්තා... ඒ වගේම ජිමින්ගේ insta account එක බලලා ටේ ඕන තරම් හිත රිද්දගෙන තියෙනවා... මේ සේරම ජිමින් දැනගෙන හිටියා... ජිමින්ට විතරයී පුලුවන් උනේ ටේගෙ හිත සනසන්න...

_jimin_
මැනික දැන් අපි හදුනගෙන මාසයක් වෙනවා...
අපි ආයෙ හම්බෙන්නෙ කවද්ද?

                            _Tae_
ඇයි ඕක මගෙන් අහන්නෙ...

_jimin_
ඔයාගෙන් නැතුව වෙන කාගෙන් අහන්නද රත්තරන්...

                  _tae_
අනේ මේ මට ඔය විකාර වලට වෙලාවක් නෑ...

_jimin_
ටේඒඒඒඒඒඒඑ...

                 _tae_
              ඇයි මොකද ?

************************

                        ටේ කලේම ජිමින් එක්ක පුංචි දේටත් රණ්ඩු උන එක... ටේ රන්ඩූ උනේම කෙල්ලෝ නිසා... මේ හින්දා ජිමින්ට කෙන්ති ගිය අවස්තා නැතුව නෙවේ...  නමුත් ජිමින් ටේ වෙනුවෙන් ඉවසුවා... ටේ වෙනුවෙන් ජිමින්ට ඕනෙ දෙයක් ඉවසන් ඉන්න පුලුවන් උනා...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now