chapter 13

488 87 26
                                    

මාස දෙකකට පසූ....


මාස දෙකකට පස්සෙ ජන්ග්කුක් නිවාඩුවට ආයෙත් ආවා ගෙදර... ටේ ජන්ග්කුක් එනවා කියලා දන්න නිසාම ටිකක් හිත කලබල වෙලයි හිටියේ...

ජන්ග්කුක් මේ පාර ඇවිත් මොන නාඩගමක් නටයිද කියලා ටේ කල්පනා කලා... ජිමින්ගෙ කිසිම දෙයක් මතකයට එන දෙයක්වත් වෙන්න දෙන්න එපා කියලා ටේ හැමතිස්සෙම හිතුවා...

" අනේ... ජන්ග්කුක් ඉස්සරහ නම් කිසිම වැරද්දක් වෙන්න එපා... අතීතය මතක් වෙන දේවල් නම් වෙන්න එපා දෙයියනේ... " ටේ හිතින් හිතුවා...

ටේ ආස කලා ජන්ග්කුක් ගෙදර එනවාට එත් ටේ බය උනේ ජන්ග්කුක් ඇවිත් එයාට ආපහු නපුරු විදියට සලකයි කියලා...

ජන්ග්කුක් එන්න තව රෑ වෙනවා කියලා පණිවිඩයක් එව්ව නිසා ටේ රෑ කෑමට හැදුවේ ජන්ග්කුක් ආසම කෑම ජාති...

වෙලාව 7:00 පහු වෙලා තවම ජන්ග්කුක් නැ... ඒත් ටේ නිකම ජනෙලය ඇරියේ හයියෙන් එන හුළං සද්දේට...

ටේ ඉක්මනට බැල්කනියට ගියේ ඒ හුළං ඇගේ වදිනකොට දැනෙන හැගිමට එයා ගොඩාක් ආස නිසා... ඒත් එක පාරම හයියෙන් මහා වැස්සක් කඩාන් වැටුනේ ටේවත් නාවමින්...

බාගෙට තෙමුන නිසා ටේ ගියේ ඇගපත හොදන් ඇවිත් සැහැල්ලු ඇදුමක් ඇදගන්න කියලා... ටේ ඇදුමක් ඇදන් කාමරෙන් එළියට ආවේ ජන්ග්කුක් ට කෝල් එකක් ගන්න හිතාගෙන... ඒත් කාමරෙ දොර ඉස්සරහ ඉන්න කෙනා දැකලා ටේ යටිගිරියෙන් කැගැහුවා...

" ඔමෝ... මා...ගේ  පාපු...ව... " ටේ පපුවත් අල්ලන් කිව්වා.

" ටේ බබා... මැණික මොකද වුනේ... යකෙක් දැක්කා වගෙනේ බබා ඔයා කැගැහුවේ... " ජන්ග්කුක් හිනා වෙලා කිව්වා.

" ජන්ග්කුක් ඔයා මාව බය කලා... " ටේ නෝක්කඩුවට මූනත් ඇඹුල් කරන් කිව්වා... ඒක දැකපු ජන්ග්කුක් ටේව බදාගත්තෙ ගොඩාක් ආදරෙන්... ඊටපස්සේ ජන්ග්කුක් ටේගෙ නළල සිප ගත්තා...

" මට ඔයාව ගොඩාක් මතක් උනා මැණික... " ජන්ග්කුක් ටේව බදාගෙන ටේගෙ මුලු මුහුණම ඉම්ඹා... ටේත් හිනා වෙලා ජන්ග්කුක්ව බදාගත්තා...

" ඇයි කුකී... පරක්කු උනේ... මන් බය උනා ඔයාට කරදරයක් වෙන්න ඇති කියලා... "

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now