උදෙන්ම නැගිට්ට ජිමින් ඉක්මනින් ෆ්‍රෙශ් වෙලා පහලට ආවේ ටේ බලාගෙන ඉන්න හින්දා ගෙදර යන්න හිතන්... පහලට බහිනකොටම මිසිස් පාර්ක් බ්‍රෙක්ෆ්ස්ට් මේසෙට ලැස්ති කරලා තියෙනවා දැකපු ජිමින් එතනම නතර උනා...
" ඔය යන්නද ජිමින්... "
කාමරේ ඉදන් එලියට ආව මිස්ටර් පාර්ක් ජිමින්ගෙන් අහනකොට ඒකට උත්තරයක් විදියට ජිමින් ඔලුව උඩ පහල කලා...
" කාලම යන්න අද හැමෝම ගෙදර ඉන්න දවසනේ... "
ජිමින්ට ඒ කීම අහක දාන්න බැරුව ගියා... එයා ඉන්නේ මොන තරම් හදිස්සියකින් වුනත් ඇවිත් ඩයිනින් ටේබල් එකෙන් වාඩි වුනා...
අද මුලු කෑම මේසෙම පිරිලා තිබුනා... අඩුවකට තිබුනේ ටේහියුන් නැති එක් විතරයි... ජිමින්ගේ නූනා වගේම හියුනුත් ගෙදර හිටියා... ඒ නිසාම ජිමින්ට බ්‍රෙක්ෆ්ස්ට් එක වෙනුවෙන් ගෙව්න කාලේ ගැන ඒ තරම් දැනුනේ නෑ... කෑම අරගෙන ඉවර වුන ගමන් ජිමින් ගෙදර යන්න පිටත් වුනා... පුලුවන් උපරිම වේගෙන් ජිමින් ආවා...
.
.
.
.
.
.
.
.
.
.
.
ලන්ච් ගන්න ටයිම් එක වෙනකොට ජිමින්ට ගෙදර එන්න පුලුවන් වුනා... ඒත් ජිමින් ගෙදර ආවේ හිතේ බයෙන්... ඒ වුනත් ටේහියුන් හොද තත්වයෙන් හිටපු නිසා ජිමින්ට බය වෙන්න දෙයක් තිබුනේ නෑ... එයා ගෙදර ආව ගමන් ටේ එයාව හග් කරගෙන හිටියේ ජිමින් එයාව ආපහු දාලා යයි කියලා හිතිලා... ඒ වගේම ගෙව්න කාලය පුරාවටම හරිම ආදරණිය විදිහට ගත කරන්න ජිමින් හිතා ගත්තා... ජිමින්ගෙ වගෙම ටේහියුන්ගෙ හිතෙත් ආදරේ පිරිලා ඉතිරිලා තිබුනා... ඉතින් මේ ගෙවෙන්නේ ඒ දෙන්නගේ ආදරණියම මොහොතවල්... ලස්සනම මතක අතීතයට ඉතුරු කරන වර්තමානය... අනාගතේ මොනවා උනත් මේ ගෙවෙන මොහෙත උපරිම සතුටින් ආදරේන් ඉන්න එයලා දෙන්නටම ඕන උනා... හැමදාම උදේට නැගිටිනකොට ලැබෙන ආදරණීය හාදු... ආදරණීය වදන්... පුංචි පුංචි රණ්ඩු තිබ්බත් ටේහියුන්ට ලෝබ හිතුනා මේ ගෙවෙන හැම තප්පරේ ගැනම... එයා සැරෙන් සැරේ ප්‍රාර්ථනා කලේ ඒ දෙන්නගේ සතුට විතරමයි...
YOU ARE READING
ϲαƞ'τ ψɸυ βε ʍιƞε
Fanfiction" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන්...