chapter 25

250 42 70
                                    

" මගේ පැටියට දුකයිද... "

" නෑ හැල්මොනි... මට දුක නෑ... ඒත් ලොකු කලකිරීමක් තියෙන්නේ... "

ලිවින්ග් රූම් එකේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු හැල්මොනිගේ උකුලෙන් ටේ ඔලුව තියාගෙන හිටියා...

" ජන්ග්කුක් ඔයාට ලොකු වන්දියකුත් එක්ක ඩිවෝස් එක දුන්නනේ ටේ බෙයා... ඔයා තවමත් හිතන්නේ ඒ ගැනද... "

" මට ඒවයින් වැඩක් නෑ හැල්මොනි මං දැන් ඒ දේවල් ගැන හිතන්නේ නෑ... "

හැල්මොනිගේ රැලි වැටිච්ච අතක් ටේගේ සිනිදු හිසකෙස් අතර එහා මෙහා ගියේ ටේ ඒ සනීපෙට ඇස් පියාගෙන ඉද්දි...

අද උදේ ටේගෙයි ජන්ග්කුක්ගෙයි ඩිවෝස් කේස් එකේ නඩුව තිබුනා... ඒකෙදි ටේට වන්දියක් එක්කම ඩිවෝස් එක ලැබුණත් ටේට කිසිම සතුටක් තිබුනේ නෑ... ඒකට හේතුව ජිමින්... මොකද මේ වෙනකොට ආපහු ජිමින් ටේව දාලා ගිහින් මාස පහකටත් කිට්ටු වෙන්න එනවා... ඒත් තවමත් එයා ටේ එක්ක කතා කලේ නෑ... ඒ හේතුවම ටේව තව තවත් රිදෙව්වා... නමුත් ටේ කිසිම දෙයක් නොව්න විදියට ගලක් වෙන්න උත්සහා කලා... මේ මොහොතේ ටේ ළඟ මින් යුංගිවත් හිටියේ නෑ... හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙලා හිටපු ටේ හිටියේ කඩාගෙන වැටිලා උනත් එයා ඉන්නේ හොදින් බව නිතරම හැල්මොනිට හැගෙව්වා... හැමෝම නොහිතපු විදිහට වෙනස් වෙලා හිටියා... අන්තිමට ටේගේ ළඟ ඉතුරු උනේ එයාගේ හැල්මොනි විතරයි...

හැල්මොනිගේ උකුල උඩ හිටපු ටේට හොදට නින්ද ගිහිල්ල තිබුනා... ඒ අතර තුර ටේගේ ගෙදරට හෝසොක් ආවේ නොහිතපු වෙලාවක... කීප වතාවක්ම දොරට තට්ටු කළාට පස්සේ හැල්මොනි නිදාගෙන ඉන්න ටේගේ ඔලුව සෝෆා එකෙ කොට්ටයක් උඩින් තියලා නැගිටලා ගිහින් දොර ඇරියා...

" එන්න පොඩී... "

" ටේ බෙයා ඉන්නවද හැල්මොනි... "

" එයා නිදි පොඩී... මොකද්ද ආව කාරණය... "

" හැල්මොනි... මං ටේට යෝජනාවක් අරගෙන ආවේ... "

හෝසොක් බලාපොරොත්තු සහිත දෑසින් හැල්මොනි දිහා බලද්දි හැල්මොනිත් හෝසොක් දිහා බැලුවේ ඒ වගේම සමාන බැල්මකින්...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now