බෝගම් ටේව එක්කන් යන්න හිටිය ඩේට් එක බෝගම්ගේ කාර්‍යබහුල බවත් එක්ක යන්න බැරි වුන හින්දා ඒ වෙනුවට බොගම් දවස් කිහිපයක් ටේගේ ගෙදර ඇවිත් ගියේ ටේව වෙන දවසක ආපහු ඩේට් එකකට එක්කගෙන යන්නම් කියලා ටේට වගේම හැල්මොනිටත් කියලා... හැල්මොනිනම් හිටියේ ටේට වඩා ගොඩක් සතුටින්... බෝගම් ඇවිත් යන හැමවෙලාම ටේට පුංචි උපදේශයක් දෙන්නත් අමතක කලේ නෑ... ඇයි එහෙම කරන්නෙ කියලා ටේට නොතේරුනත් ටේ වැඩිය ඒ ගැන උනන්දු උනේ නෑ... බෝගම් කියනදේට ඔලුව වැනුවා මිස... සමහරවිට බෝගම් එයා හොද කෙනෙක් කියන එක ටේට පෙන්නන්න හදනවද කියලත් ටේට හිතුනා...
" බෙයා... මගෙ පැටියෝ... මෙන්න අර දරුවා ඇවිත්... "
ටේහියුන් හිටියේ එයාට මිස් වෙච්ච පාඩම් වැඩ ටිකක් කරන ගමන්... හැල්මොනි එහෙම කියද්දීම ටේහියුන් දන්නවා ඒ එන්න ඇත්තෙ බෝගම් කියලා... ඒත් ටේ කලේ ඇහුන්නෑ වගේ පොතට අවදානය දුන්න එක... ටේහියුන්ට ටිකෙන් ටික ජිවිතේ එපාවෙන්න පටන් අරගෙනයි තිබුනේ... මොකද ටේ හිතුවා එයාගේ සතුට තියෙන්නේ ජිමින් ලග කියලා නිසා... එදා ජිමින් යන්න ගියේ ටේගෙ හිතේ තිබුන සැනසීමයි සතුටයි අරගෙන වෙද්දි ටේට සතුටින් ඉන්නවා වගේ රගපාලම දැනුනේ මහාන්සියක්...
" බෙයා... බෙයා... ඔයා නිදිද පැටියෝ... "
එකපාරක් ටේහියුන්ට කතා කලත් එයා පහලට ආවේ නැති නිසා හැල්මොනි ටේගේ කාමරේ ලගට ඇවිත් දොරට තට්ටු කරලා ටේට කතා කලා...
" එන්න... හැල්මොනි... මොකක් හරි හදිස්සියක්ද... "
ටේහියුන් බෝගම් ආව බව නොදන්නවා වගෙ අහද්දී හැල්මොනි කාමරේට දඩිබිඩියේ අවා...
" නෑ නෑ බෙයා... අන්න අර බොගම් දරුවා ඇවිත්... එන්න ඇවිත් ටිකක් කතා කරන්න... "
හැල්මොනි එහෙම කියද්දී ටේහියුන්ගෙ හිතට දැනුන සියුම් කෙන්තියත් පාලනය කරගෙන මුහුණට බොරු හිනාවක් මවාගෙන හැල්මොනි එක්ක හිනාවුන ටේහියුන් කාමරෙන් එලියට ආවා...
" උබ නැතිව බොරුවට හිනාවෙලා... සතුටින් ඉන්නවා වගේ රගපාලා මට ඇත්තටම හිනාවෙන්න වගේම මට මාවත් අමතක වෙලා ජිමින්... "
YOU ARE READING
ϲαƞ'τ ψɸυ βε ʍιƞε
Fanfiction" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන්...