chapter 8

480 68 16
                                    

                       


                        ටේගෙ phone එක නම්ජුන් ගත්ත නිසා ටේට ජිමින් එක්ක කතා කරන්න කිසිම අවස්තවක් නැති උනා...මේ හින්දා ජිමින් බය වෙලා කෝල් ගත්තාත් වැඩක් උනේ නෑ...  සැරින් සැරේට කෝල් එන හින්දා කෝල් id එකවත් බලන්නේ නැතුව නම්ජූන් ටේගෙ phone එක ඔෆ් කලා...

                            ටේගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති හින්දා ජිමින් ගොඩක් බය වුනා... එයාට හිතාගන්න බැරි වුනා මොනාද වෙලා තියෙන්නේ කියලා... ඒ හින්දා එයාට ගන්න පුලුවන් හොදම  විසදුම විදියට එයා දැක්කේ සුබින්ව... සූබින්ගේ ෆෝන් එකට ජිමින් කතා කලා... සූබින්ගෙන් විස්තර අහද්දි එයා මේ උන හැමදේම කිව්වේ වෙනස් කරලා... මොකද ජන්ග්කුක් එක්ක ගියා කියලා කිව්වා නම් ජිමින් නම්ජුන්ට වඩා හොද පිස්සුවක් නටනවා කියලා සූබින් දන්නවා... ඒත් සූබින්ට තේරෙන්නෙත් නෑ ඇයි එයා එහෙම කරන්නෙ කියලා...
ටික දවසක් ගෙවිලා යද්දි ටේගේ ගෙදරට සූබින් ආවේ ජිමින්ගේ පනිවිඩේකුත් එක්ක... ඒ වගේම ටේට ජිමින් එක්ක කතා කරන්න බැරි උන නිසා සූබින් එයාගේ ෆෝන් එක ටේට දීලා ටේගේ කාමරේ දොර වහගත්තේ මේ වෙලාවේ කවුරු වුනත් ටේ දිහා සැකෙන් බලන හින්දා වැඩි පරිස්සමට... මේ වෙලාවේ ජිමින් ටේ දෙන්නා හිටියේ කෝල් එකක...

" මැනික මොකද්ද වුනේ... මේ සූබින් කියපු දේවල් ඇත්තද... "

" ඔව් මහත්තයා... මගේ ෆෝන් එක ලොකු හියොං ගත්තා... මට ගෙදරින් එලියට යන්න එපා කියලත් කිව්වා... " ටේ හැඩුම් ස්වරයකින් කියද්දි

" ටික දවසක් ඔහොම ඉන්නකෝ මැනික... හරිද... එතකන් ඔයා පාඩම් කරන්න හොදට... ඔයාට කතා කරන්න පුලුවන් දවසක් එනකන් මං බලන් ඉන්නම්... පරිස්සමින් ඉන්න මැනික... මං එහෙනම් තියන්නම්... "

" හරි මහත්තයත් පරිස්සමින් ඉන්න... මං ආදරෙයි... "

" මාත් ආදරෙයි... "

                  ඒ විදියට ටේ ජිමින් දෙන්නගේ දුරකතන සංවාදය අවසන් වුනා... හිමින් හිමින් දින ගෙවිලා යද්දි ටේහියුන් ආයෙමත් සුපුරුදු විදියට ජීවිතේ ගත කරන්න් ගත්තේ නම්ජූන්ගේ අවසරෙත් එක්ක... ටේට එයාගේ ෆොන් එකත් ආයේ හම්බුන හින්දා ටේමින් ආදර කතාවත් අඩුපාඩුවක් නැතුව ගලාගෙන ගියා... මේ මොන දේ වුනත් ටේහියුන් කියන්නේ ටේහියුන්ටමයි... එයා කවදාවත් එයාගේ හිතුවක්කාරකම් නතර කලේ නෑ... ඒ නිසාම ආයෙමත් සුපුරුදු පරිදි ජන්කුක් එක්ක රස්තියාදුවේ යන්න පුරුදු වුනා... ජිමින්ට ටේ ගැන සැක හිතෙන්න ගත්තෙ ඔය අතරේ... ටේට ඒක තේරුනේ ජිමින්ගෙ කතාවේ වෙනසක් තේරුන හින්දා... එදා ටේ ස්කූල් ඉවර වෙලා එයාගේ ටියුෂන් ක්ලාස් එකට යන්න හැදුවේ... ඒත් එතකොටම ටේට ජිමින්ගෙන් කෝල් එකක් ආවා...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now