chapter 9

543 73 20
                                    








                 ටේ ජිමින්ගෙ ගෙදර යන්න ලැස්ති උනේ ලොකු ආසාවකින්... හොබිගෙන් ලැබුන අවසරයත් එක්කම ටේ එයාගෙ ඇදුම් පැලදුම් ටික සුදානම් කරගත්තා... ටේ බඩු ටික ලැස්ති කරගත්තෙ දවස් දෙක තුනකට විතරයි... ජිමින් ටේ එක්ක කතා කරගත්ත විදියහට හම්බෙලා ජිමින්ලා ගෙදර යන්න පිටත් වුනා... පැය හතරක් වගේ යන්න වෙලාව ගතවෙන හින්දා ජිමින් ටේට මගදි කන්න එක එක කෑම ජාතිත් අරන් දුන්නා... මගක් යනකන්ම ජිමින් එක්ක හුරතල් වෙවී කෑම වලට වැඩේ දුන්න ටේ ජිමින්ගේ අතකුත් බදාගෙන නින්දට වැටුනේ මහන්සියටමයි... කාර් එක ඇතුලේ කිසිම සද්දයක් නැති හින්දා ටිකක් හැරිලා බලපු ජිමින් දැක්කේ එයාගේ අත බදාගෙන නිදන් ඉන්න ටේව... ඊට පස්සේ ටේව ඇහැරෙන්නේ නැති වෙන විදියට එයාගේ අත අයින් කරගෙන ටේගේ සීට් එක ඇජෙස් කරපු ජිමින් කාර් එකේ වේගේ ටිකක් වැඩි කලේ ඉක්මනට යන්න හිතාගෙන... කෝමෙන් කෝම හරි පැය තුනකට විතර පස්සේ ටේමින් දෙන්නා ජිමින්ගේ ගේ ලගටම ආවා... ලොකු තාප්ප වලින් වට උන මාලිගාවක් වගෙ ලස්සන ගෙයක්... ගේට්ටුවෙන් වාහනය ඇතුලට දැම්මාම ජිමින් ටේට කතා කරලා ගෙදර් ආවා කියලා කියද්දි ටේ සතුටු වෙන විදිහ දැකලා ජිමින්ට තවත් සතුටු හිතුනා... ජිමින් හිතුවා ටේගෙ හැම අසාවක්ම ඉෂ්ට කරනවා කියලා...

                      කා එක පාක් කරලා ජිමින් ගේ ඇතුලට යන්න හැදුවත් ටේ නම් හිටියේ වටපිටාවේ සිහියෙන්... ඒ වගේම ටේ වට පිට බල බල හිනා උනේ park නිවසේ තියෙන ලස්සන දැකලා...

" ටේ එන්න යමු ඇතුලට... "

                           බලන් ඉදලා බැරිම තැන ජිමින් ටේට කතා කලත් ටේ එන පාටක් නෑ... ටේ හිටියේ එළියේ තියෙන ගානට මට්ටම් කරලා හදපු පොකුණ ඇතුලේ ඉන්න මාලු එක්ක සෙල්ලම් කර කර... ඒත් එක්කම ජිමින් දැක්ක දේ හින්දා

" නැ...නැ..එපා... ටේ... ඔය පොකුණට අත දන්න එපා... "

                            ටේ ටිකක් මුරන්ඩුයි ඉස්සර වගෙ නෙවෙ ජිමින් එපා කියද්දීම තරමක් විශාල පොකුන පැත්තකින් තිබුණ අනෙක් පොකුණට වඩා තරම්ක් කුඩා පොකුණට ටේ අත දැම්මා...

" අනෙ අම්මෝ... " ටේ කැගහාගෙන පිටි පස්සට පැන්නා...

" මන් කිව්වානෙ... කො බලමු හැපුවාද ඇගිලි ටික... "

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now