දවස් එකින් එක ගෙවිලා ගියේ වෙනදා විදිහෙන්ම උනත් හිත යටින් ටේහියුන් වගේම ජිමිනුත් විදෙව්වා... ආදරේ විතරක් තිබුනට වැඩක් තියෙද ඒ හිත් එකිනෙකාව තේරුම්ගන්න බැරි තත්වෙකට පත් වෙලානම්, තේරුම් ගැනීමක් නැති තැන ඒ බැඳීමට වටිනාකමක් ලැබෙනවද, නෑ... හැම බැදීමක්ම සම්පූර්ණ වෙන්න ආදරේ වගේම ඒ ආදරේ ඇතුලේ තේරුම් ගැනීම, දරා ගැනීම, ඉවසීම මේ හැමදේම තියෙන්න ඔනේ... ඒත් ටේමින් දෙන්නගේ බැඳීම ඇතුලේ මහා හුඟක් ආදරේ තිබුනට ජිමින්ට බැරි වුනා කවදාවත් ටේව තේරුම් ගන්න... ඉතින් ඒ බැඳීමට තිබුන වටිනාකම නැති වෙලා ගියා...
ටේහියුන්ගේ හිත නොසැහෙන්න රිදිලා තිබුණෙ... හිතට එකගව එයාට තීරණයක් ගන්න බැරි වුනත් එයා තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතලා බොගම් එක්ක කතා කරන්න කැමති උනා...
" හැල්මොනි... මං කැමතී බෝගම් හියුන් එක්ක කතා කරන්න... "
" ඔය ඇත්තමද බෙයා කියන්නේ... ඉන්න මං දැන්ම කතා කරලා කියන්නම් බෝගම් පුතාට අද එන්න කියලා... "
ටේහියුන්ට කිසිම දෙයක් කියන්න ඉතුරු නොකර හැල්මොනි ටේගේ කාමරෙන් යන්න ගියා...
අපිට කවුරු උනත් එක පාරින් විශ්වාස කරන්න බෑ... අපිට පලතුරක් හරි එළවලක් හරි කාලා බලලා හොද හෝ නරක හොයාගන්න පුලුවන් උනාට අපිට මිනිස්සුන්ව කාලා බලන්න බෑනෙ... මිනිස්සු කියන්නේ හරියට කටුස්සො වගේ හරි ඉක්මනට වෙස්පෙරලෙන ජාතියක්...
ටේහියුන් ඒවගෙ සිද්දීන් කිහිපයකට මුහුණ දුන්න කෙනෙක්... එයාගේ පළවෙනි ආදරේ ජිමින්... ටේහියුන් හදවතින්ම ආදරය කරපු ටේහියුන්ගේ හදවතරට දැනුන එකම කෙනා... ඊට පස්සෙ ජන්ග්කුක්... මුලින් ආදරේ නොකලත් තමන්ගෙ සැමියා නිසා හිත රවට්ටගෙන ආදරේ කලා... ඊට පස්සෙ ආයෙම ජිමින් ටේහියුන්ගෙ ජිවිතේට ඇවිත් පොඩි දෙයක් දුර දිග අරන් ගිහින් ජිවිතේ හුගක් යන්න හිතන් හිමීට බැන්ද හීන මාලිගාව කඩලා බිදලා දාලා ටේහියුන්ව ආපහු මගදීම දලා ගියා...
දැන් ආයෙම කෙනෙක් ජිවිතේට එන්න හදනවා... ජීවිතේ හරි පුදුමයි... කෙනෙක් අපිව දලා යද්දී කොහෙදෝ ඉදපු තවත් කෙනෙක අපිව හොයාගෙන එනවා...
YOU ARE READING
ϲαƞ'τ ψɸυ βε ʍιƞε
Fanfiction" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන්...