chapter 20

396 55 27
                                    


" ටේ මැණික... මන් ඉන්නවා ඔයා එක්ක හරිද මාව විශ්වාස කරන්න... "

ටේ ජිමින්ව විශ්වාස කරලා එයාගේ ජිවිතේට මුහුණ දෙන්න සිද්ද වුන හැම දේම කියන්න ලෑස්ති වුනා...

ජිමින් එක්ක හිටිය කාලෙ ඉදන් ජිමින් එයාගෙන් ඈත් වුනාට පස්සේ අද වෙනකන් වෙච්ච දේවල් ටේ ජිමින්ට හැමදේම මතක් කරලා කිව්වා...

" මට සමාවෙන්න ටේ... මගේ අතින් නොදැනුවත්ව හෝ දැනුවත්ව ඔයාට උනේ ලොකු වැරද්දක්... මං දන්නවා ඒ වැරැද්ද ආයේ කවදාවත් හදන්න බෑ කියලා... අපේ දරුවා... අපේ දරුවා නැති උනා... ඒකට මට සමාවෙන්න... "

ජිමින් අඩන ගමන් ටේව බදාගත්තා... ඒ වගේම ජිමින් පසුතැවිලි උනා ටේට එයාව ඕනිම කරම වෙලාවෙදි  තනිකරලා දාලා ගිය එකට...

හැමදේම මුල ඉදලා මතක් කරපු ටේ ජන්ග්කුක් එක්ක ගෙවපු ජිවිතේ ගැන ජිමින් එක්ක කිව්වා... ටේ පිලිගත්තා ජන්ග්කුක් එක්ක එයා සතුටින් හිටිය බව... ඒත් ජන්ග්කුක්ව එපා උනේ දරුවාව නැති කරපු එකෙන් කියලත් ජිමින්ට තේරුම් ගන්න සැලැස්සුවා...  තමන්ගෙම ලේයින් හැදෙන දරුවාව මරන්න තරම් තිරිසෙනෙක් උනා කියලා දැනුනාම ටේට ජන්ග්කුක්ව එපා උනා... ටේ අඩන ගමන් හැමදේම පැහැදිලි කරද්දි මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන ජිමින් හිටියේ හුගක් ශොක් වෙලා...

ජිමින් හිතන් හිටියටත් වඩා දේවල් වෙලා තියෙනවා කියලා ජිමින්ට ටේගේ කතාවෙන් තේරුනා... දැන් ඒ දේවල් වෙආ අවුරුදු කීපයක් ගෙවිලා තිබුනත් ඒ දේවල් වලට ටේ තවමත් විදනවා දකිනකොට ජිමින් අපහු සමාව ගත්තා ටේගෙන්... එත් ජන්ග්කුක්... ජන්ග්කුක් වැරද්දක් කලත් සමාවගත්තෙවත් නෑ... ඒ තියා ජන්ග්කුක් ටේව බලන්නවත් ආයෙ ආවෙත් නෑ... අඩුම ටේ ජීවතුන් අතර ඉන්නවද කියලාවත් හෙව්වෙ නැ... ඉතින් ඇත්තටම එහෙම සැමියෙක් මොකටද?

කිම් ටේහියුන් දැන් එයාගෙ ජිවිත කතාවේ අලුත් පිටුවක් පෙරලන්න හදන්නෙ... අමාරුවෙන් ගෙවුන කාලෙකට පස්සෙ වසන්තය ආපහු ඒවිද... පෙරලෙන අලුත් පිටුවේ ටේ ජිමින් එක්ක සතුටින් විතරක් ගත කරාවිද... නැතිනම් අතීත මාරයා ඒ ජීවිත ආපහු අව්ල් කරලා දාවිද... ඒවා අයිති අනාගතේටම විතරයි... අපිට තියෙන්නේ දෛවයට ඉඩ දීලා බලාගෙන  ඉන්න එකයි...








ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now