chapter 19

609 85 68
                                    

ටේ එනකන් කියලා ඇද උඩින් ඉදගත්ත යුංගිට නින්ද ගියේ දැනුන තෙහෙට්ටු ගතිය හින්දමයි... ඒත් පහලින් බෙල් කරන සද්දයක් ඇහුන හින්දා ගැස්සිලා ඇහැරුන යුංගි ඇස් ඇරලා බැලුවේ ටේ කොහෙද කියලා... ඒත් තවමත් ශවර් එකේ වතුර වැටෙන සද්දේ හින්දා යුංගි හිතුවා තවම ටේ නානව ඇති කියලා... ඒ නිසාම ටේගේ කාමරෙන් එළියට ආව යුංගි පඩිපෙළ බැහැගෙන පහලට ගියේ ටේගේ ගෙදරට ආව අමුත්තව පිලිගන්න... සාලෙට ගිහින් දොර ඇරපු යුංගි ඇවිත් හිටපු අමුත්තව පිලිගත්තා...

" එන්න හියොං... "

යුංගි ටේගේ ගෙදරට ආපු අමුත්තට හිනාවකින් සංග්‍රහා කරන ගමන් ගේ ඇතුලට පිළිගත්තා...

" කෝ මගේ මැණික... "

" එයා කාමරේ ඉන්නවා... හියොං ඇතුලට එන්න... "

" මං එයාව බලන්න කාමරේට යන්නද... "

" හරි හියොං... මේ පැත්තෙන් එන්න... "

යුංගි ආපු අමුත්තව ටේගේ කාමරේට එක්කගෙන ගියා... අමුත්තව ටේගේ ඇදෙන් ඉන්දුව යුංගි එවලේ තමයි දැක්කේ දැන් වෙලාව කීයද කියලා... යුංගිට තරු පෙනුණේ එතකොටයි...

" හියොං ඉක්මන් කරන්න ටේට කරදරයක්... "

යුංගි එහෙම කියන ගමන් ඉදගෙන හිටපු අමුත්තව නැගිට්ටවලා ටේගේ බාතෲම් එක ලගට ගියා... දොරට කීප වතාවක්ම ගැහුවත් දොර ඇරුනේ නැති හින්දා යුංගි නම් හිටියේ හොදටම බය වෙලා අඩන්න ඔන්න මෙන්න...

" ඔයා කලබල වෙන්න එපා යුංගියා... මං බලන්නම්... "

එහෙම කියපු අමුත්තා ඇද ළඟ තිබුන පිත්තල වාස් එක අරගෙන දොරට ගැහුවේ දොරේ ලොක් එක ගැලවිලා ලොක් එක ඇරෙද්දි... ඉක්මනින් දොර ඇරගෙන ඇතුලට ගිය යුංගි වගේම අමුත්තත් දැක්කේ ලේ වලින් පෙගිලා ඉන්න ටේව... ජිමින්ට කලින් ඉස්සර වුන අමුත්තා ටේව අත් අතරට අරගෙන ඉක්මනට කාමරෙන් එළියට ආවේ යුංගිත් ඒ පස්සෙන්ම දුවගෙන එද්දි...

ගාර්ඩ්න් එකේ නතර කරලා තිබුන කාර් එකේ දොර ඇරලා ටේව බැක් සීට් එකෙන් පරිස්සමට තිබ්බ අමුත්තා යුංගිවත් දාගෙන ඉක්මනට හොස්පිට්ල් එකකට වහනය පැදෙව්වේ තිබ්බ කලබලයත් බයත් දෙකම හිතේ හිර කරගෙන...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now