chapter 22

252 46 9
                                    

ටේව යුනි එකට ඇරලවපු ජිමින් යුංගි එක්කත් කතා කරලා ටේගේ යුනි එකේ වැඩ සේරම සෙට්ල් කරලා කාර් එකට නැග්ගේ එයාගේ ගෙදරට යන්න හිතාගෙන...

At busan house...

ටේව යුනිවර්සිටි එකට ඇරලවපු ජිමින් එයගේ ගෙදරට ආවේ කාලෙකින් එයාට ගෙදර එන්න බැරි වුන නිසාත් එයාගේ ඔම්මා අසනීප තත්වෙන් ඉන්න නිසත්...

ගෙදරට ආව ගමන් තමන්ගේ කාමරේට ගියපු ජිමින් වොශප් වෙලා ඔම්මව හොයාගෙන පහලට ආවා... ඔම්මා කිචන් එකේ ඉන්නවා දැකපු ජිමින් හොර අඩි තියන ගමන් ඔම්මා ලගට ලං වුනත්

" මං දන්නවා ඔයා මෙතන ඉන්නවා කියලා ජිමිනි... "

ජිමින්ගේ මිසිස් පාර්ක් එහෙම කියලා ජිමින් ලගට එද්දි ඔම්මව බදාගත්ත ජිමින් ඒ කම්මුල් මත සියුම් හාදු කිහිපයක් තැවරුවා...

" ටේ පුතාට කොහොමද ජිමිනි... "

ජිමින්ගේ හාදු අතරින්ම එහෙම අහපු මිසිස් පාර්ක් ජිමින්ගේ අතින් අල්ලගෙන ඩ්යිනින් ටේබල් එකෙන් වාඩි වුනා...

" දැන්නම් ලොකු අව්ලක් නෑ ඔම්මා... එයාව මං යුනිවර්සිටි එකට ඇරලුවා... එයා ළඟ යුංගි කියන අර එයාගේ යාලුවත් ඉන්න හින්දා මට බයක් නෑ... "

ටේව මතක් කරන ගමන් ටේ ගැන මිසිස් පාර්ක්ට කියද්දි තමයි ජිමින්ට මතක් වුනේ බූසාන් ආවට ආවේ ටේට නොකියා කියලා... එසැනින් ඉදගෙන හිටපු තැනින් නැගිටින්න හදපු ජිමින් ආයේ ඉදගත්තේ මිසිස් පාර්ක් අහපු දේ හින්දා...

" ඔයා තවමත් එයාට ආදරේ කරනවද ජිමිනි... "

" ඇයි ඔම්මා මගෙන් එහෙම අහන්නේ... "

" නෑ මට දැනගන්න ඕනි වුනේ ඉස්සර ටේ පුතාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු ජිමින් තවමත් ඉන්නවද කියලා... "

" ඔම්මා මං තවමත් ඒ ජිමින්ම තමයි... "

" ඒත් ඔයා එයාව පිට කෙනෙක්ව විශ්වාස කරලා අතහැරලා ආවා... ඉතින් ආපහු ඒම වෙයිද ජිමින්... ඔයා ආපහු ටේ පුතාව අතහරින්න බලාගෙන ඉන්නවද... ඒම අදහසක් තියෙනවනම් ඒ ලමයට ගොඩක් බලාපොරොත්තු දෙන්නේ නැතුව එයාගෙන් ඈත් වෙන්න... "

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now