chapter 16

446 71 22
                                    

" හෙයි... මැණික මේ බලන්න... ඔයාට ඔහොම අඩන්න බෑ දැන්... බබාට හොද නෑ... අඩන්න එපා... "

ජන්ග්කුක් ටේගේ කදුලු පිහදාලා ටේව බදාගන්න ගමන් එහෙම කිව්වේ හිතේ ඇති වුන අසීමිත දාරක සෙනෙහසකින්...

ඔය විදියට සතියක් ගෙවිලා ගියේ ටේ ජන්ග්කුක්ගේ ආදරේ රැකවරණය ගොඩක් හොයද්දි... ඒ විදියටම ජන්ග්කුක් ටේට ගොඩක් ආදරෙන් හිටියා...

ටේ එයාගේ ඉදිරියට නෙරලා චූටි බේබී බම්ප් එක අත ගාන ගමන් හැමවෙලේම පැටියා එක්ක කතා කරන්න පුරුදු වුනා... මේත් ඒ වගේම වෙලාවක්... ටේ හිටියේ කාමරේට වෙලා එයාගේ පුංචි පැටියා එක්ක කතා කරන ගමන්...

" පැටියෝ... මට ගොඩක් සතුටුයි... ඔයා මං ගාවට ආව හින්දා... "

" දන්නවද ඔයා එන්න කලින් ඔයාගේ ඔම්මා ගොඩක් පාලුවෙන් හිටියේ මැනික... දැන් මට පාලු නෑ ඔයා ඉන්න හින්දා... "

ටේහියුන් එයාගේ කුස හිමින් අත ගාන ගමන් පැටියා එක්ක කතා කරද්දි එයාට කුස තුලින් සියුම් වේදනාවක් දැනුනා... එයාට ලාවට හිනාවක් ගියේ එයාගේ පැටියා දැන්ම ඉදන් එයාට ප්‍රතිචාර දක්වන්න අරගෙන කියලා හිතුන හින්දා...

එතකොටම බාත්රොබ් එකක් විතරක් ඇදගෙන බාත්රූම් එකේ ඉදන් එලියට ආව ජන්ග්කුක් එයාගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා ඇදේ ඉන්න ටේ දිහාවත් නොබලා ෆෝන්  එකත් අරගෙන බැල්කනි එකට ගියා...

" ඔම්මා... " කෝල් එකේ අයිඩී එක හිමින් මුමුනලා ජන්ග්කුක් ෆෝන් එක ආන්සර් කලා...

" ඔහ් ඔම්මා... කියන්න මොකක් හරි හදිස්සියක්ද... "

" ඔව් ඔම්මා තමයි... දැන්වත් ඔය කොල්ලව දාලා එන්න හිතක් නැත්ද... "

" ඔම්මා ඔහොම කතා කරන්න එපා ටේ මං හින්දා දැන් ප්‍රෙග්නට් වෙලා ඉන්නේ... "

" දෙවියනේ තමුන්ට පිස්සුද ජන්ග්කුක්... එකෙක් මදිවට තව එකෙකුත් ඇවිත්ද... දැන්ම ඔය දරුවව නැති කරලා දානවා... "

" ඔම්මා මට එහෙම කරන්න බෑ... ටේ ගොඩක් ආසාවෙන් හිටියේ අපි දෙන්නගේ දරුවෙක් වෙනුවෙන්... ඒ වගේම මාත්... මට බෑ මගේ දරුවව නැති කරන්න... "

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now