ජිමින් ගොඩක් දුක් වුනා... ඒ වගේම එයා පසුතැවුනා... ඒත් ටේ ගිහින් ඉවරයි... එයාට එයාගේ දුක කියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ... එයාට කරන්න පුලුවන් වුන එකම දේ ටේ එයාට ආපහු කතා කරනකන් බලන් ඉන්න එක විතරයි...
ඔය විදියට සතියක් විතර ගෙවිලා ගියේ ටේමින් දෙන්නගේ කිසි කතාවක් නැතුව... ටේට දරාගන්න බැරි වුනා ජිමින් එයාට ඒ වගෙ දෙයක් කලා කියලා... එයා පුලුවන් හැම වෙලාවෙම රෝස්ට කතා කරලා ජිමින් ගැන ඇහුවා... ඒ වගේම රෝස්ට පුලුවන් වුනා ටේගේ දුක ටිකක් හරි තුනී කරන්න... ඒත් ඒ දුක නැත්තටම නැති කරන්න රෝස්ට බැරි වුනා...
ගෙදර ආපු දවසේ ඉදන් ටේ ඉන්නේ අවුලෙන් කියලා හෝසොක්ට තේරුනා... එයාගේ පුංචි බෙයාට ප්‍රශ්නයක් නම් එයා නොදැන ඉන්න විදියක් නෑනේ... හෝසොක් දැක්කා ටේ කාමරේට වෙලා හූල්ලන විදිය... කොට්ටේ තෙමෙනකන් රෑට අඩන විදිය... ඉතින් හෝසොක් හිතුවා ටේ ජිමින් එක්ක රන්ඩු වෙලා කියලා... ඒත් එයාට ඕනේ වුනේ නෑ ඒ දෙන්නගේ මැද්දට ඇවිත් ප්‍රශ්නේ විසදන්න... ඒ නිසා එයා බලන් හිටියේ ටේමින් දෙන්නම කතා කරලා ප්‍රශ්නේ විසදගන්නකන්... ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ... දෙපැත්තට වෙලා හූල හූල්ල හිටියා...
කාලය ගත වෙලා මාසයකුත් ගෙවිලා ගියේ ටේමින් ආදර කතාව එතනම නතර වෙලා තියෙද්දි... ඒත් එක දවසක් ටේ ස්කූල් ගෙදර ඇවිත් කාමරේට ආවේ වොශ් එකක් දාගන්න බලාගෙන... ඒ වුනාට ටේට වොශෲම් එකට යන්න වුනේ නෑ... ඒකට හේතුව ටේට ආව කෝල් එක... ටේගේ ෆෝන් එක එක දිගට රින්ග් වෙන්න ගනිද්දි ටේට ඒක නොසලකා ඉන්න බැරි වුනා... ඒ නිසාම ටේ ඉක්මනට මේසේ ලගට ගිහින්ෆෝන් එක අතට අරගෙන කෝල් අයි ඩී එක බැලුවා... ඒත් එයාගේ ඇස් වලට කදුලු ඉනුවේ කෝල් අයි ඩී එක දැකලා...
Jimin ❤️ calling...
ටේ එයාගේ කදුලු පාලනේ කරගන්න කොච්චර උත්සහා කලත් ඒක නතර කරගන්න එයාට බැරි වුනා... ඒත් ටේ උපරිමයෙන් ඇඩුම් වලක්වගෙන කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තා... ඒත් ටේට ඇහුනේ වෙනදා ඇහෙන ජිමින්ගේ කටහඩ නෙවෙයි... ඒ කටහඩ හුගක් වෙනස් වෙලා කියලා ටේට දැනුනා... ටේ ඒත් එක්කම කල්පනාවකට වැටෙද්දි
YOU ARE READING
ϲαƞ'τ ψɸυ βε ʍιƞε
Fanfiction" අනේ කරුණාකරලා ඒ දේ නම් කරන්න කියලා කියන්න එපා... කුසේ හැදෙන දරුවාව මගෙන් ඈත් කරන්න එපා... ඒ අපේ දරුවා ජන්ග්කුක්... ඒ ඔයාගෙ ලේ... මේ දේවල් වලට අපේ දරුවා වැරදී නැ ජන්ග්කුක්... මාව අසරණ කරන්න එපා ජන්ග්කුක් වැදලා ඉල්ලන්නම්... " " taehyung... උබට මන්...