Author's note

1.2K 89 8
                                    

පුංචි විශේෂ දැනුම් දීමක් කරන්න තියනවා translation එක පටන් ගන්න කලින්. ඒක පහසු වෙයි අපි හැමෝටම මැද්දෙ දි ප්‍රශ්න ඇති කර ගන්නවා ට වඩා.

මේ අපි කවුරුත් දන්න මේ දවස් වල විකාශනය වන Thai TV series එකක් වෙන KinnPorsche TV series එකේ Noval එකේ සිංහල පරිවර්තනය. TV series එක ටිකක් විකාශනය වෙලා ඉවර වෙන කන් මම හිටියේ මේ translate එක පටන් ගන්න. මේ noval එකට අදාල original English translate එක කරලා තියෙනවා Bible Wichapas Sumettikul. එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න Vegas Teerapanyakul.

මම මේ translation එක කරන්නෙ ඒ original english noval එකෙන් නෙවෙයි. Fan කෙනෙක් කරපු english translate එකකින්.

ඒ වගේම මෙතැනදී කියන්න ඕන විශේෂ කාරණය තමයි මම කරන්නෙ නවකතාවේ සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනය ක් නෙවෙයි. කතාවේ මුල් හරයට විය හැකි හානිය හැකි තාක් අවම කරමින් අපේ සිංහල භාෂාව ට ගැලපෙන පරිදි මේ පරිවර්තනය කරන්න තමයි මම උත්සහ කරන්නේ. Series එක බලපු අය දන්නවා ඇති මම එහෙම කිව්වේ ඇයි කියලා.

අනිත් වැදගත් දේ තමයි මේ කතාව 18+ වැඩිහිටි අයට වඩා සුදුසු කතාවක්. සහ පුරුෂ සමරිසි ආදර කතාවක්. ඒ හා සම්බන්ධ ලිංගික හැසිරීම්, ප්‍රචණ්ඩත්වය, දූෂණ සිද්ධියක් වගේ දේවල් මෙහි අන්තර්ගත වෙනවා. ඔයා ඒ වගේ දේවල් කියවන්න අකැමැති කෙනෙක් නම් කරුණා කරලා මේ පරිවර්තනය කියවීමෙන් වළකින්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. පස්සෙ report ගහන්න එපා. කොහොම උනත් මම ඒ පරිච්ඡේද වලදී 18+ කියන එක මුලින්ම සදහන් කරන්නම්. එතකොට අකැමැති අයට ඒවා skip කරලා යන්න පුළුවන්. (මම දන්නවා skip කරන්නෙ නෑ කියලා)

ඒ වගේම VegasPete side story එක මම පරිවර්තනය කරලා ඉවරයි දැනටම. ඒත් ඒක publish කරන්න බැහැ දැන්ම මේ main story line එක spoill වෙන නිසා. Main story line එකට සමගාමීව මම ඒ පරිවර්තනය publish කරන්නම්.

මම ලේඛන කලාව සහ භාෂා පිළිබඳ ලොකු දැනුමක් තියන කෙනෙක් නෙවෙයි. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් තියෙයි. ඔයාලගෙ යෝජනා, චෝදනා හා විවේචන සියල්ල මම සම සිතින් බාර ගන්නවා. මගේ අඩුපාඩු හදා ගන්න මට ඒවා උදවු වෙයි අනිවාර්යයෙන්ම.

මේ ටික මෙහෙම දිගට කතා කරන්න හිතුවේ පරිවර්තනය මැදදී මම මේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම එකතු වෙන්න කියලා KinnPorsche සිංහල පරිවර්තනය සමඟ.

මේ ඔයාලගෙ ආදරණීය Author
- Nuwie-

KinnPorsche Kde žijí příběhy. Začni objevovat