හත් වන පරිච්ඡේදය (2 කොටස)

259 38 24
                                    

Porsche's pov

"කවුද....?"

මං දිහාට ඇඟිල්ල දික් කරන ගමන් එතනට අලුතෙන් ආව කෙනා ඇහුවා.
බොඩිගාඩ්ලා කිහිප දෙනෙකුත් එක්ක ආව එයාගෙ පෙනුම නං හරිම දීප්තිමත්....

"මේ Mr. Kinn ගෙ අලුත් ආරක්ෂක ප්‍රධානියා. එයා ඇවිත් ඉන්නේ ඔයාගේ මල්ලි Kinn වෙනුවෙන්...."

Chan උත්තර දුන්නා.

මම මගේ ඇහි බැමත් උස්සාගෙන හොඳට හිතන ගමන්, මං ඉස්සරහ ඉන්න කෙනා දිහා බලාගෙන හිටියා. මං හිතන්නේ මෙයා අරයගෙ අයියා. හොඳයි..... මෙයා ගෙ මුණත් අර Kinn ගෙ මෝඩ මුණ වගේම තමයි.......

"වාව්...... වාව්.......!! කූල්..... කූල්...... ඔයාගෙ ටැටූ එකකුත් තියෙනවනෙ.....! ඒකට නම් භය හිතෙනවා....."

එහෙම කියන ගමන් එයා මගේ ටැටු එක තිබුන අතට පාරක් ගහනකොට මාව ගැස්සිලා ගියා. ඊළඟට ඉක්මනටම මගේ අත කිට්ටුවට ඇවිත් එයාගෙ ඇස් දෙක හොඳට ලං කරල මගේ ටැටු එක දිහා බලන් හිටියා.....

"කූල්....... කූල්..... නියමයි.... නියමයි....!!
මටත් මේ වගේ එකක් ඕන. ඒක නං නියමයි. ඒකට බය හිතෙනවා...."

"කොල්ලනේ....., අපි හෙටම යමු. මටත් මේවගේ එකක් ඕන.... මං ඒකට හරිම කැමතියි....."

ඒ වෙලාවේ මං දැක්කා ඒ බොඩිගාඩ්ලාගේ පිස්සු හැදුණු මූණු ටික.... මේ අවජාතකයා නම් ඇත්තටම..... නියම පොරක්.....!!

"Khun......"

Chan හයියෙන් හුස්මක් හෙළුවේ මාව එක්කගෙන ආයෙම එතනින් යන්න කලින්. මන්දිරය වටේම ඇවිදපු අපි එක පෙළට දොරවල් දුසිමක් විතර තියෙන තැනකට ආවා. ඒ ඔක්කොම
අලුත් පිටම පට්ට පිරිසිදුවට අලුත් ලීයෙන් හදලා වටේ හොදට හෙවන තියෙන විදිහට තිබුණා.

මේ මිනිස්සුනන් හැමදේම සුපිරියට හදලා තියෙනවා. අන්තිමේදී P' Chan* දොරක අගුළු ඇරලා කාමරයක් විවෘත කරා. කාමරය ඇතුලේ හොඳට ඉඩකඩ තිබුණා. ඒකෙ පෙනුම හරියට සාමාන්‍ය ශිෂ්‍යයෙකුගේ, පොඩි නානකාමරයක් එක්ක තියෙන නේවාසිකාගාරයක් වගේ.

යකඩ ඇඳයි, ඒකට මෙට්ටෙයි..... හැබැයි ඇඳ රෙදි, කොට්ට එහෙම නම් තිබුණෙ නෑ. පාවිච්චි කරපු අල්මාරියක්...... හැබැයි ඒක එහෙම කැඩිලා බිඳිලා සවුත්තු වෙලා නම් නෑ...
වැදගත්ම දේ තමයි ඒ කාමරයේ බිත්තියේ ඒසී එකකුත් හයි කරලා තිබුණා.

KinnPorsche Where stories live. Discover now