දොළොස්වන පරිච්ඡේදය (1 කොටස)

473 38 8
                                    

Porsche's Pov

"Porsche" ඊයේ රෑ බලපු ෆිල්ම් එකට නම් මං කැමති නෑ...."

"ඇයි ඒක ආතල් නැද්ද?"

"ඔව්.  ඒක විනෝදයි. ඒත් ඒ කතාවට ටිකක් බය හිතෙනවා. අනිත් එක රඟපෑම් උනත් එච්චරම හරි නෑ....!"

සෝෆා එකේ ඉඳ ගෙන එක දිගටම රූපවාහිනී නාලිකා වෙනස් කරන Thankhun දිහා බලලා මම හිනා උනා.
කොහොමත් මේ පිස්සු මිනිහා ඊයේ රෑ ඉඳන් ටිකක් විතර අමුතුයි වගේ....!
අච්චර Hot සීන් එකක් බැලුවට පස්සේ එයා හරිම සංසුන්ව හිටිය කියල තව ගාර්ඩ් කෙනෙකුත් මගෙත් එක්ක කිව්වා.

ඇත්තටම මිනිහගේ මොකක් හරි අවුලක් වත් තියෙනවද? එයාගෙ මේ වයසේදිත් සෙල්ලම් සෙල්ලම් අශ්වයෝ පදින්නයි..., නිකම්ම සෙල්ලම් කර කර ඉන්නයිද මෙයා කැමති?

ඇත්තටම Thankhun කවදාවත් ගෑනියෙක් තමන්ගේ ඇඳට අරගෙනම නැද්ද?

මේ වෙනකම්ම මූ සින්දු කිය කියා TV බල බල ඉන්න එක විතරක් නම් කරලා තියෙන්නේ....., මට හොඳටම ෂුවර් මේ මිනිහට පිස්සු....!!

ඊයේ රෑ අපිව කාමරෙන් එලියට දැම්මට පස්සෙත් Thankhun එක දිගට තවත් Blue Film දෙකක්ම බැලුවා. එයා කවදාවත් ඒ විදිහෙ ෆිල්ම් බලලත් නෑ කිව්වා.

මිනිහා නිදාගන්නකොට වෙලාව පාන්දර හතරයි....!

පහුවදා උදේ අපි නින්දෙන් නැකිට්ට වෙලාවේ ඉඳන්ම මිනිහා අපෙන් ඒ ගැන එක එක ප්‍රශ්න අහනවා. ඉවරයක් නැතුව.....!

"ඇයි ඒ ගෑනිව ගැටගහලා තිබුනේ....?"

"මේසේ යට ඉඳන් හොරෙන් ඒක කරේ මොකද....?"

"සතුටින් හිටියා වුණත්, මොකද ඒ ගෑනි එතරම් දඟල දඟල කෑගැහුවේ....?"

"ඔයා ඇත්තටම මේ ෆිල්ම් එක බලනවද?"

Arm මගේ පිටට පාරක් ගහන ගමන් ඇහුවා.

වෙනදා වගේම අපි හතර දෙනාම එකම තැනක වාඩිවෙලා Thankhun අපිට බලන්න ෆිල්ම් එකක් තෝරනකන් බලාගෙන හිටියා.

Thankhun තෝරගත්ත ෆිල්ම් එකේ නම බලපු ගමන් මට හිතාගන්න බැරි උනා.

එයා කලින් කිව්වනේ ඊයේ බැලුවා වගේ ෆිල්ම් එකක් බලන්න ඕනේ නැහැ කියලා....!

You've reached the end of published parts.

⏰ Last updated: Nov 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

KinnPorsche Where stories live. Discover now